පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ පාසල් පැසිපන්දු තරගාවලියේ (බාලක) මූලික වටය යටතේ ඊයේ (7 වැනිදා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
එහිදී ආසියානු ජාත්‍යන්තර පාසල හමුවේ කඳාන ද මැසිනොද් විදුහලද, ශාන්ත බෙනඩික් විදුහල හමුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද පරාජය පත් විය.
එම තරග වලදී ආසියානු ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ලකුණු 16 ක් රැස්කිරීමට බ්‍රෙන්ට් තෙන්නකෝන් සමත් වූ අතර ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් වින්ටන් ප්‍රින්ස් ලකුණු 23 ක්ද, රවින්ත පෙරේරා ලකුණු 20 ක්ද රැස්කළහ.
ඊයේ (7 වැනිදා) පැවැති තරග
■ ආසියානු ජාත්‍යන්තර පාසල විසින් ලකුණු 54-43 කින් කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරන ලදි.
■ ශාන්ත බෙනඩික් විදුහල විසින් ලකුණු 74-51 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.