Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට 3 ක් තේරෙති

ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට 3 ක් තේරෙති

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ ජනවාරි 24 වැනිදා සිට 31 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ තේරීම් කමිටුව කී‍්‍රඩකයන් තිදෙනකු තෝරාගෙන ඇත.

කොළඹ රාජකීය විදුහල් බොක්සිං කී‍්‍රඩාගාරයේදී පැවැති තෝරාගැනීමේ තරගාවලියේදී මෙම තේරීම් කටයුතු කර ඇති අතර කේ.ඒ.එස්. භානුක, කේ.ඒ.එස්. ඉඳුනිල් (හොරණ විද්‍යාරතන පිරිවෙන) සහ ඩබ්.ඒ.අයි. සංජය (මහනුවර විද්‍යාර්ථ විදුහල) යන කී‍්‍රඩකයෝ ඊට ඇතුළත්ව සිටිති.

එහිදී කිලෝ ග‍්‍රෑම් 46 බර පංතියෙන් තරගවැදුණු මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඩබ්.ඒ.අයි. සංජය, කඩුගන්නාව මධ්‍ය මහා විදුහලේ කේ.ජී.කේ. කපුකොටුව පරාජය කරමින් ඉහත  තරගාවලියට සහභාගීවීමට සුදුසුකම් ලබාගත්තේය.

හොරණ විද්‍යාරතන පිරිවෙනේ කී‍්‍රඩකයන් දෙදෙනකු වන කේ.ඒ.එස්. ඉඳුනිල් (කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය) සහ කේ.ඒ.එස්. භානුක (කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය) පිළිවෙළින් මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ඞී.කේ.එල්. දසනායක සහ පේරාදෙණිය මහා විදුහලේ යූ.ජී.එන්. අමරවංශ පරාජය කරමින් තරගාවලියට සහභාගීවීමට සුදුසුකම් ලබාගත්හ.

දිවයිනේ බොක්සිං ක‍්‍රීඩාවේ තත්ත්වය උසස් මට්ටමක රඳවාගැනීමේ අරමුණින් ස්ටබ්ස් පළිහ, ජාතික කනිෂ්ඨ ශූරතාවලිය, යොවුන් බොක්සිං ශූරතාවලිය, කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සහ පාසල් බොක්සිං ශූරතාවලිය යන තරගාවලි වල රන් සහ රිදී පදක්කම් දිනූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පමණක් මෙම තෝරාගැනීමේ තරගාවලියට සහභාගීකරගත් බව ආධුනික බොක්සිං සංගමයේ නිලධාරියක් පැවසීය.

 


අදහස් (0)

ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට 3 ක් තේරෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.