Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කාන්තා ශූරතාවලියට යති

ආසියානු කාන්තා ශූරතාවලියට යති

Dilrukshi - 2015 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියාතික කාන්තා බොක්සිං ශුරතාවලියට සහභාගි වීම සඳහා කී‍්‍රඩිකාවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම හෙට (05 වැනිදා) අලූයම චීනය බලා පිටත්ව යාමට නියමිතය. මෙම තරගාවලිය මේ මස 06 වෙනිදා  සිට 14 වැනිදා දක්වා චීනයේ වුලන්චාබු නගරයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුඵව ආසියාවේ රටවල් 27 ක ක‍්‍රීඩිකාවන් 120 කට ආසන්න සංබ්‍යාවක් සහභාගිවීමට නියමිත බවද සදහන්වේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන එරන්දි ගිම්හානි ද සිල්වා කි. ග‍්‍රෑම් 48 බර පංතියෙන්ද, අනුරාධා ජයසිංහ කි. ග‍්‍රෑම් 51 බර පන්තියෙන් හා කේෂානි හංසිකා කි. ග‍්‍රෑම් 60 යන බර පංතියෙන්ද තරග වදිති.

මෙම සංචාරය සඳහා සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස හර්ෂ කුමාර සහ  කියුඛානු ජාතික ජෝජ් ලූවිස්  ප්‍රොමෙතා යන මහත්වරු සහ  භාගී වෙති.

 


අදහස් (0)

ආසියානු කාන්තා ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.