
කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන 44 වැනි ලෝක ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවෝ සිවුදෙනා අද (17 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියහ.
වින්ග් කොමෙදෝරු නිරෝෂන් රිටිගල, සැරයන් සම්පත් මීරියගල්ල, නායක ගුවන් කාන්තා හංසිකා මධුභාෂිනී සහ නායක ගුවන් කාන්තා චතුරිකා අමරසිංහ යන ගුවන් හමුදා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති.
පැරෂුට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වින්ග් කොමදෝරු විජිත ගෝමස් මහතාද, කණ්ඩායම් භාර නිළධාරී ලෙස ගෲප් කපිතාන් අනුරුද්ධ විජේසිරිවර්ධන මහතාද මෙම සංචාරයට එක්ව සිටිති.
-036

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.