Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අරමුදලේ තොරතුරු අතුරුදන්

අරමුදලේ තොරතුරු අතුරුදන්

Dilrukshi - 2015 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ රොනී ද මෙල් මහතාගේ පාලන සමයේ ස්ථාපිත කරන ලද පා පැදි අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දුන් සම්මේලනයේ වත්මන් සභාපත වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සම්මේලනයට කරුණු වාර්තාවී නැතැයි පැවැසීය.

එම අරමුදලේ තොරතුරු වසන්ව පැවැතීම කණගාටුවට කරුණක් බව පැවැසූ පාපැදි සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක සේනක රණසිංහ මහතා එම අරමුදළ පිළිබඳව තමන් එදාත් විශාල හඬක් නැගූ බවත් එහෙත් එම අරමුදලෙන් සම්මේලනයට මෙතෙක් ප‍්‍රයෝජනයක් ගත නොහැකිවීම කණගාටුවට කරුණක් බවත් පැවැසීය.

පා පැදි සම්මේලනයේ නව පාලනය පත්වනවිට එහි භාණ්ඩාගාරිකවරයා සතුව පැවැතියේ රුපියල් ලක්ෂ තුනකට අඩු මුදලක් බව මාධ්‍යහමුවේදී සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
 ●●

 


අදහස් (0)

අරමුදලේ තොරතුරු අතුරුදන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.