ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන ආධුනික කැරම් තරගාවලියට (2016) සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මේ මස 23 වැනිදා අවසන්වේ.
තරගාවලිය ජුලි මස 3 වැනිදා සිට සති අන්තයේදී කොහුවල ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
පිරිමි සහ කාන්තා කේවළ, යුගල ඉසව් දෙකෙන් තරගාවලිය පැවැත්වේ. කැරම් ක්‍රීඩාවේ නිරතවන ජාතික කැරම් ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවන ඕනෑම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට මෙම තරගාවලියට සහභාගිවිය හැකි බව සංවිධායකවරු පවසති.
අයැදුම්පත් බාර ගැනීම ජුනි මස 23 වැනිදා පස්වරු 12.00 ට අවසන්වේ. කොහුවල සුනේත්‍රා දේවි මාවතේ, නො: 25 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයෙන් අයැදුම්පත් ලබාගත හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර 0777309234 යන දුරකතන අංක ඔස්සේ තරග ලේකම් දයා විදානගම මහතා ඇමැතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.