කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ලබන අඟහරුවාදා (22) එම මාර්ගයේදී අර්ධ මැරතන් තරගයක් පැවැත්වේ.
පාසල් බාලක හා බාලිකා විවෘත කාන්තා හා පිරිමි තරග ඊට ඇතුළත් වේ. පාසල් බාලිකා තරගය කිලෝ මීටර 5ක්ද බාලක තරගය කිලෝ මීටර 10ක දුරකින්ද සමන්විතය.
විවෘත කාන්තා හා පිරිමි තරග කිලෝ මීටර් 25 ක දුරකින් සමන්විතය. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මෙම 27 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ. ඒ නිමිත්තෙන් මෙම 22, 23, 24 යන දිනවල මාර්ගය දැක බලා ගැනීම සඳහා ජනතාවට විවෘත කර තැබීමට නියමිතය.
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ඇමැති ඩබ්.ඒ. නිමල් ලංසා මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශය තරගමාලාව සංවිධානය කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.