Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අතරමැදි බොක්සිං තරග 25 දා සිට

අතරමැදි බොක්සිං තරග 25 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන අතරමැදි බොක්සිං තරගාවලිය මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වයස අවුරුදු 18 ත් 40 ත් අතර ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ, සහ ස්ටබ්ස් පළිහ යන බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලබාගත් තරගකරුවන්ට මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැකිය.  

පිරිමි සහ කාන්තා යන අංශ දෙකින්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විතය. කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ඔවුහු ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන, ජාතික ශූරතාවලිය වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලට සහභාගී වීමටද සුදුසුකම් ලබති.

තරගාවලියට සහභාගිවීම සඳහා සියලුම තරගකරුවන් තම අයැදුම්පත් විද්‍යුත් තැපෑල මගින් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ ලේකම්වරයාට යොමුකළ යුතුය. ක්‍රීඩා සමාජයකට එක් බර පංතියක් සඳහා ඉදිරිපත් කළ හැක්කේ ක්‍රීඩකයන් තිදෙනකු සහ ක්‍රීඩිකාවන් තිදෙනකු පමණක් වන අතර කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට වසර අතරමැද එම ක්‍රීඩා සමාජයෙන් වෙනත් ක්‍රීඩා සමාජයකට මාරුවීමට අවසර නැත.

මෙහි සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය මගින් හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ අවසන් මහ තරග 29 වැනිදා පස්වරු 4.00 සිට පැවැත්වේ.

 


අදහස් (0)

අතරමැදි බොක්සිං තරග 25 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.