Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අකලංක මූලික වටයෙන්ම ඉවතට

අකලංක මූලික වටයෙන්ම ඉවතට

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද පැවැති (31 වැනිදා) පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ මුලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අසමත් විය.

එහිදී තමා සහභාගි වූ මූලික වටයේ තරගයේදී තත්ත්පර 26.15 ක කාලයක් වාර්තා කළ අකලංකට හිමිවූයේ එහි හත්වැනි ස්ථානයයි.

මෙම ඉස්වේ මූලික වටය සඳහා තරගකරුවන් 45 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් අතරින් 16 දෙනෙක් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගත්හ. එහිදී අකලංකට 21 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙවර ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 50 සමනල ආර ඉසව්වටද අකලංක සහභාගි වූ අතර එහිදීද ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. එම ඉසව්වේදී ඔහුට හිමිවූයේ 22 වැනි ස්ථානයයි.  

 


අදහස් (0)

අකලංක මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.