Last Update  :  2025-08-23 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket ශ්‍රී ලංකා යොවුන් පිලට ත්‍රිත්වයෙන් 4ක් - යාපනයෙන් 2ක්

ශ්‍රී ලංකා යොවුන් පිලට ත්‍රිත්වයෙන් 4ක් - යාපනයෙන් 2ක්

editorial - 2025 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

යොවුන් එක්දින තරග 7 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක නිරත වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරට පැවරීමට කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

මෙම වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී බංග්ලාදේශයට එරෙහිව කොළඹ පැවැති එක්දින තරගාවලියේදී පළමු වරට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දැරූ දින්සර දක්ෂ මැද පෙළ පිතිකරුවෙකි. මේ වන විට පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු අන්තර් සමාජ එක්දින තරග 4 කදී ලකුණු 128 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 42.66 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. 

තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන් 4 දෙනෙක් ඇතුළත්ව සිටිති. විමත්ට අමතරව තවත් රාජකීය විදුහල් ක්‍රීඩකයෙක්ද සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව ඇත.  

මරදාන ශාන්ත ජෝෂප්, මහනුවර කිංග්ස්වුඩ්, මාතර ශාන්ත ෂේවියර්, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ මහානාම, යාපනය ශාන්ත ජෝන්, කුරුණෑගල ශාන්ත ආනා, වත්තල ලයිසියම්, යාපනය හාට්ලි සහ මරදාන සහිරා යන විදුහල්වලින් එක් ක්‍රීඩකයා බැගින්ද මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. 

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මෙම මස 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර දෙපිල අතර පළමු එක්දින තරගය 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව සැප්තැම්බර් මස 2, 4, 7, 9, 12 සහ 15 යන දිනවලදී සෙසු තරග 6 පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


ශ්‍රී ලංකා යොවුන් සංචිතය 

විමත් දින්සර (නායක) - කොළඹ රාජකීය විදුහල 
දිමන්ත මහවිතාන - මහනුවර ත්‍රිත්ව විදුහල 
පුලිෂ තිලකරත්න - මහනුවර ත්‍රිත්ව විදුහල
සෙනුජ වකුනගොඩ - මරදාන ශාන්ත ජෝෂප් විදුහල 
ඇඩම් හිල්මි - මහනුවර ත්‍රිත්ව විදුහල
කවිජ ගමගේ - මහනුවර කිංග්ස්වුඩ් විදුහල 
විරාන් චමුදිත - මාතර ශාන්ත ෂේවියර් විදුහල 
ජේසන් ප්‍රනාන්දු - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල 
චාමික හීනටිගල - කොළඹ මහානාම විදුහල 
රමිරු පෙරේරා - කොළඹ රාජකීය විදුහල
සෙත්මික සෙනෙවිරත්න - මහනුවර ත්‍රිත්ව විදුහල
කුගතාස් මතුලන් - යාපනය ශාන්ත ජෝන් විදුහල 
සනුජ නිඳුවර - කුරුණෑගල ශාන්ත ආනා විදුහල 
රසිත් නිම්සර - වත්තල ලයිසියම් විදුහල 
විග්නේෂ්වරන් ආකාෂ් - යාපනය හාට්ලි විදුහල 
තරුෂ නවෝද්‍ය - මරදාන සහිරා විදුහල 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට ත්‍රිත්වයෙන් 4ක් - යාපනයෙන් 2ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.