Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket එංගලන්ත ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති
කාන්තා ලෝක කුසලාන - 2025

එංගලන්ත ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

editorial - 2025 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිවුවැනි තරගය ලෙස එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ගුවහටි නුවරදී අද (3 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 70 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 14.1 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකාරිණියන් වූ ඇමී ජෝන්ස් පන්දු 50 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 40 ක්ද, ටැමී බියුමොන්ට් පන්දු 35 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 21 ක්ද රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලින්සේ ස්මිත් ප්‍රමඛ එංගලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 69 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලින්සේ, නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය. 

පිතිකාරිණියන් 9 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්කර යැවීමට එංගලන්ත පන්දු යවන්නියන් සමත් වූ අතර ඒ සඳහා ලින්සේට අනගි සහායක් දුන් නතාලියා සීවර්, චාර්ලි ඩීන් සහ සොෆී එක්ලෙස්ටෝන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 20.4 කදී සියලු දෙනා දැවී 69 
(සිනලෝ ජෆ්ටා 22, ලින්සේ ස්මිත් 07/3, තාලියා සීවර් 05/2, චාර්ලි ඩීන් 14/2, සොෆී එක්ලෙස්ටෝන් 19/2) 

එංගලන්ත කාන්තා පිල - ඕවර 14.1 කදී කිසිවකු නොදැවී 73 
(ටැමී බියුමොන්ට් නොදැවී 21, ඇමී ජෝන්ස් නොදැවී 40) 

-036 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.