
(ශානුක අරවින්ද)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි සහ මාර්තු මාසවලදී ග්‍රෙනඩාව බලා පිටත්ව යෑමට නියමිතය.
පෙබරවාරි මස 20 වැනිදා ග්‍රෙනඩා ජාතික ක්‍රීඩාංගණයේදී පළමු එක්දින තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පෙබරවාරි 22 සහ 25 යන දිනවලදී එම ක්‍රීඩාංගණයේදීම දෙවැනි සහ තෙවැනි එක්දින තරග වලට ක්‍රීඩා කරනු ඇත.
විස්සයි-20 තරගාවලියේ පළමු තරගය පෙබරවාරි මස 28 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරග මාර්තු 1 සහ 3 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තරග 3 ද ග්‍රෙනඩා ජාතික ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.