Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර 136 ක සාඩම්බර ඉතිහාසයක් ඇති සිංහල ක්‍රීඩා සමාජය හෙවත් කොළඹ ‘එස්.එස්.සී.’ ක්‍රීඩා සමාජය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ‘බී’ තලයට වැටී සිටියද ලබන වසරේදී නැවතත් ‘ඒ’ තලයට පිවිසීම සඳහා අවශ්‍ය පළමු පියවර සිකුරාදා තැබීය. ඒ අන්තර් ක්‍රීඩා සමාජ ‘බී’ තලයේ එක්දින තරගාවලිය ජයගැනීමෙනි.
කොළඹ එස්.එස්.සී. පිටියේදී සිකුරාදා පැවැති අවසන් මහ තරගයේදී මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු 4 කින් පරාජය කළ එස්.එස්.සී. ක්‍රීඩකයෝ ‘බී’ තලයේ ශූරතාව දිනාගත්හ. කුසල් මෙන්ඩිස් හැරෙන්නට ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලුම ක්‍රීඩකයන් පාහේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. පිල නියෝජනය කළ අතර කුසල් මෙන්ඩිස් මෙම තරගයට සහභාගි නොවූයේ ඔහු මෙම තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී නොසිටි බැවිනි.
කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තද, මොරටුව ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ඕවර 6 කදී ලකුණු 42 ක් පුවරුවට එකතු කළහ. එහෙත් කසුන් රාජිත විසින් දෙදෙනාගේම ඉනිම නිමා කරන ලදි.
එස්.එස්.සී. පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය සිය ඕවර 10 තුළදී ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත්තේය. වරෙක කඩුලු 2 කට 75 ක් ලෙසින් සටහන් වූ මොරටුව ලකුණ පුවරුව ප්‍රභාත්ගේ පන්දු යැවීම අවසන් වන විට කඩුලු 8 කට 108 ක් ලෙසින් වෙනස් වී තිබිණ.
මොරටුව පිලේ අංක 10 පිතිකරු ලෙසින් පැමිණි පූර්ණ ප්‍රභාත්, හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් ද සමගින් පන්දු 80 කින් ලකුණු 92 ක් ලබාගත් හෙයින් මොරටුව ක්‍රීඩා සමාජයට ලකුණු 231 ක් ලබාගත හැකිවිය.
එස්.එස්.සී, පිතිකරුවෝ අසීරුවෙන් තොරවම ඉලක්කය කරා ගියහ.
අවිශ්ක ප්‍රනාන්දු සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නිපුන් ධනංජය, නායක චරිත් අසලංක සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. තරග නිමා කරන්නන් ලෙසින් ක්‍රීඩා කරන දසුන් ශානක (16) සහ දිනුර කළුපහන (19) දැවී ගියත් නිපුන් ධනංජය ඉවසිලිවන්තව පිතිහරඹයේ යෙදෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරන තුරුම පිටියේ රැඳී සිටියේය. පන්දු 104 කට මුහුණ දුන් නිපුන් ධනංජය, ඒවායින් 8 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ.
කෙසේ වෙතත් ‘ඒ’ තලයට පිවිසීමට සඳහා මෙම තරගාවලිය ජයගැනීම එස්.එස්.සී. පිලට ප්‍රමාණවත් නොවේ. අන්තර් ක්‍රීඩා සමාජ ‘ඒ’ තලයේ තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් ‘බී’ තලයේ තුන්දින තරගාවලිය ජයගැනීම අනිවාර්ය අවශ්‍යතාවකි.
මොරටුව ක්‍රීඩා සමාජය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 231 යි
(අමිත දාබරේ 14, අනුෂ්ක පෙරේරා 17, අභිෂේක් ලියනආරච්චි 17, පුබුදු බණ්ඩාර 18, දුමින්ද සෙව්මිණ 35, පූර්ණ ප්‍රභාත් 92, කසුන් රාජිත 60/2, ප්‍රභාත් ජයසූරිය 15/4)
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය - ඕවර 40.4 කදී කඩුලු 6 ක් දැවී 236 යි
(ෂෙවොන් ඩැනියෙල් 12, ක්‍රිෂාන් සංජුල 15, අවිශ්ක ප්‍රනාන්දු 38, නිපුන් ධනංජය නොදැවී 73, චරිත් අසලංක 37, දසුන් ශානක 16, දිනුර කළුපහන 19, චමිඳු වික්‍රමසිංහ නොදැවී 12, සහන් කෞෂල්‍ය 42/2, දුමිඳු සෙව්මිණ 37/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.