Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports හංගේරියානු ගෝන් ප්‍රී තරගය අනිද්දා
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලිය

හංගේරියානු ගෝන් ප්‍රී තරගය අනිද්දා

editorial - 2025 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසර (2025) සඳහා පැවැත්වෙන අදියර 24 කින් සමන්විත ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර වන හංගේරියානු ගෝන් ප්‍රී තරගය අනිද්දා (3 වැනිදා) කිලෝ මීටර් 4.381 ක දුරකින් යුක්ත හංගරෝරිං ධාවන පථයේදී පැවැත්වේ. 

මෙම තරගය වට 70 කින් සමන්විත වන අතර තරගයට පෙර පුහුණු සැසි 3 ක් සහ ආරම්භක ස්ථාන තීරණය කෙරෙන කාල ගණනය කිරීමේ සැසියක්ද පැවැත්වීමට නියමිතය. ඉන් පළමු සහ දෙවැනි පුහුණු සැසි අද (1 වැනිදා) දිනයේදද, තෙවැනි පුහුණු සැසිය සහ කාල ගණනය කිරීමේ සැසිය හෙට (2 වැනිදා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

මෙතෙක් පැවැති අදියර 13 අවසානයේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට මැක්ලරන් කණ්ඩායමේ ඔස්කාර් පියස්ටි්‍ර සමත්ව සිටින අතර පළමු ස්ථාන 6 ක්, දෙවැනි ස්ථාන 2 ක් සහ තෙවැනි ස්ථාන 3 ක්ද සමග මේ වන විට ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 266 කි. 

ඔහුට වඩා ලකුණු 16 ක් පසුපසින් සිටින ඔහුගේ කණ්ඩායම් සගයා වන ලැන්ඩෝ නොරිස් ලකුණු 250 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ පළමු ස්ථාන 4 ක්, දෙවැනි ස්ථාන 6 ක් සහ එක් තෙවැනි ස්ථානයක් සමගිනි. 

ඒ අනුව මෙම තරගාවලියේදීද ඔවුන් දෙදෙනා අතර ඉතා තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වරස්ටපන් ලකුණු 185 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පියස්ටි්‍ර සහ නොරිස් නියෝජනය කරන මැක්ලරන් කණ්ඩායම ලකුණු 516 ක් ලබා පෙරමුණ ගෙන සිටින අතර ෆෙරාරි කණ්ඩායම ලකුණු 248 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, මර්සිඩීස් කණ්ඩායම ලකුණු 220 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවේ. 

මේ වන විට ඕස්ට්‍රේලියානු, චීන, ජපන්, බහරේන්, සවුදි අරාබි, මයාමි, එමිලියා රොමන්ගා, මොනාකෝ, ස්පාඤ්ඤ, කැනඩා, ඕස්ටි්‍රයා, මහ බි්‍රතාන්‍ය සහ බෙල්ජියම් යන ගෝන් ප්‍රී තරග නිමාවට පත්ව ඇති අතර හංගේරියානු ගෝන් ප්‍රී තරගයෙන් අනතුරුව තවත් තරග 10 ක් පැවැත්වීමට නියමිතය.  

මෙම මාසයේදී නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගයත්, සැප්තැම්බර් මාසයේදී ඉතාලි සහ අසර්බයිජාන් ගෝන් ප්‍රී තරගත්, ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරු, ඇමරිකානු සහ මෙක්සිකානු ගෝන් ප්‍රී තරගත්, නොවැම්බර් මාසයේදී බ්‍රසීල්, ලාස් වේගාස් සහ කටාර් ගෝන් ප්‍රී තරගත්, දෙසැම්බර් මාසයේදී අබුඩාබි ගෝන් ප්‍රී තරගයත් පැවැත්වෙනු ඇත. 

-036


අදහස් (0)

හංගේරියානු ගෝන් ප්‍රී තරගය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.