Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘යූරෝ ෆෝමියුලා’ ශූරතාව සඳහා යුරෝපී රටවල්වලදී පැවැත්වෙන ෆෝමියුලා-1 තරගාවලි මාලාවේ දෙවැනි අදියර ලෙස බෙල්ජියමේ ස්පා ධාවන පථයේදී පැවැති ෆෝමියුලා-1 තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ඊයේ (18 වැනිදා) සමත් විය.
තරග 3 කින් සමන්විත වූ මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් යෙවාන්, දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් සිවුවැනියා සහ දෙවැනියා ලෙස නිමා කරමින් සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් විය. තරගාවලිය ජයගනු ලැබුවේ පළමු තරගයේ දෙවැනි ස්ථානයට පත්වෙමින්, දෙවැනි සහ තෙවැනි තරගය ජයගත් පෝලන්තයේ ටයිමෙක් කුචර්සික් විසිනි.
එහිදී පළමු ස්ථානය සඳහා ලකුණු 25 ක්ද, සිවුවැනි ස්ථානය සඳහා ලකුණු 12 ක්ද, දෙවැනි ස්ථානය සඳහා ලකුණු 18 ක්ද බැගින් හිමිකර ගත් යෙවාන් මෙම තරගාවලියේදී හිමිකර ගත් මුළු ලකුණු සංඛ්‍යාව 55 කි. ඒ අනුව ‘යූරෝ ෆෝමියුලා’ ශූරතාවලිය යටතේ පෘතුගාලයේ පළමු තරගාවලියේදී යෙවාන් ලබාගත් ලකුණු 65 ත් සමග ඔහුගේ මුලු ලකුණු සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගියේය.
ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව අනුව තවදුරටත් ‘යූරෝ ෆෝමියුලා’ ශූරතාවලියේ ක්‍රීඩක ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යෙවාන් සමත්ව සිටින අතර එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ මෙම තරගාවලිය ජයගත් පෝලන්තයේ ටයිමෙක් කුචර්සික්ය. මෙතෙක් පැවැති තරගාවලි ද්විත්වයේදී ටයිමෙක් ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 100 කි.
මෙය යෙවාන්ගේ පළමු ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාව වන බැවින් මෙම තරගාවලියේදී ශූරතාවට අමතරව දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගැනීමට ඔහුට හැකි විය. පෘතුගාලයේ පැවැති තරගාවලියේදී දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගනු ලබුවේද යෙවාන් විසිනි.
‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාවේ තවත් අදියර 6 ක් මෙම වසර තුළදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගාවලි ජූනි මාසයේදී ජර්මනියේදීද, ජූලි මාසයේදී හංගේරියාවේදී සහ ප්‍රංශයේදීද, සැප්තැම්බර් මාසයේදී ඕස්ටි්‍රයාවේදී සහ ස්පාඤ්ඤයේදීද, ඔක්තෝබර් මාසයේදී ඉතාලියේදීද පැවැත්වෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.