Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලය සංවිධානය කරන ‘නිපෝන් පේන්ට් කටුකුරුන්ද ස්පීඞ් - 2023’ මෝටර් රථ තරගාවලිය දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ ධාවකයන් රැසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 2 සහ 3 යන දිනවල කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
නිපෝන් පේන්ට් සමාගමේ ප්‍රදාන අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉසව් 10 ක් යටතේ තරග 16 ක් පැවැත්වෙන අතර ඒ සඳහා තරගකරුවන් 130 ක් පමණ සහභාගිවීමට නියමිතය. තරගාවලිය යූටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ සජීවී ලෙස විකාශය වේ.
තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා තෝරාගනු ලබන එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව, එස්.එල්.එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ ඉසව්ව සහ එස්.එල්.එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) ෆෝඞ් ලේසර් මෝටර් රථ ඉසව්ව පමණක් තරග 2 බැගින් පැවැත්වෙනු ඇත.
තරගාවලියේ කාල ගණනයන් සහ සුදුසුකම් ලැබීමේ තරග 2 වැනිදා පෙරවරු 8.30 සිට පැවැත්වෙන අතර සුදුසුකම් ලැබීමේ තරගවල ප්‍රතිඵලයන්ට අනුව 3 වැනිදා පෙරවරු 8.30 සිට නිල වශයෙන් තරග පැවැත්වේ. මෙවර දක්ෂතම මෝටර් රථ රියැදුරා කිරුළ සඳහා තරගවදින තරගකරුවන් අතර අශාන් සිල්වා, උෂාන් පෙරේරා සහ ඩැරින් වීරසිංහ ඉදිරියෙන්ම සිටිති.
ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා මොබිටෙල්, එක්සයිඞ්, වර්ත් ලංකා, ෆින්ලෑන්ඞ් හෝල්ඩිංග්ස්, පින්ක් ඔටෝ ෂොප්, ටොටාචි, ෆයිසාල් සෙරමික්, ශැක් තේ, ගිල්ස්, ටොප්ටුල්, අයි ග්‍රිඞ්, ඩීලෝ, ෆ්‍රීලන්, හව් ටු ඩ්‍රයිව්, ග්ලෙන්ටෙක් සහ ටුඩූ.එල්කේ යන සමාගම් සහ ආයතන තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.