Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘සී’ කොටසේ බැඞ්මින්ටන් ශූරතාව ගම්පහ සිරිකුරුසයට

‘සී’ කොටසේ බැඞ්මින්ටන් ශූරතාව ගම්පහ සිරිකුරුසයට

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ බැඞ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය බාලිකා ‘සී’ කොටසේ ශූරතාව දිනාගැනීමට ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයීය බැඞ්මින්ටන් කණ්ඩායම සමත් විය.

අවසන් මහ තරගයේදී නුගේගොඩ සුජාතා විද්‍යාලය වට 3-1 කින් පරාජයට පත් කරමින් ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය. 

කොළඹ රාජකීය විදුහල් බැඞ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ මූලික තරගවලදී නුගේගොඩ සුජාතා විද්‍යාලය වට 2-1 ක් ලෙසද, හින්දු කාන්තා විද්‍යාලය වට 3-0 ක් ලෙසද, ශාන්ත බි්‍රජට් විද්‍යාලය වට 3-0 ක් ලෙසද සිරිකුරුස බාලිකාවන් හමුවේ පරාජයට පත් විය. 

 

ඉදිරිපෙළ වමේ සිට දකුණට - ප්‍රසන්න කරුණාරත්න මහතා (පුහුණුකරු), මහේෂ ඒකනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), ගරු මේරී නුවන්ති කන්‍යා සොයුරිය (නියෝජ්‍ය විදුහල්පතිනිය), ගරු මේරි දර්ශිකා කන්‍යා සොයුරිය (විදුහල්පතිනිය), ගරු මේරී සුභාසිරි කන්‍යා සොයුරිය (උප විදුහල්පතිනිය), පුෂ්පා පෙරේරා මහත්මිය (කණ්ඩායම් භාර ආචාරිණි) සහ ජනුත්මි දයාරත්න (නායිකාව) 
පසුපෙළ වමේ සිට දකුණට - ශෙනලි තෂ්මිකා, සනුති කරුණාරත්න, විශ්වරා ගුණවර්ධන, යුත්මි ජයකොඩි (උප නායිකාව), පූජනී ගොඩගම්පල, තරුකි පෙරේරා සහ අමල්ෂා ප්‍රනාන්දු 

- 036 


අදහස් (1)

‘සී’ කොටසේ බැඞ්මින්ටන් ශූරතාව ගම්පහ සිරිකුරුසයට
  • MAHESHA EKANAYAKE Wednesday, 17 April 2024 12:59 PM

    සුබපැතුම්!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.