Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘රොදර්හැම්’ මෝටර් රථ - යතුරුපැදි තරගාවලිය 13 වැනි දා

‘රොදර්හැම්’ මෝටර් රථ - යතුරුපැදි තරගාවලිය 13 වැනි දා

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 13 වැනි ඉරිදා උදෑසන 9.00 සිට කටුකුරුන්ද ගුවන් හමුදා කෘතී‍්‍රම ධාවන පථයේදී පැවැත්වේ.

ස්ලාඩා (ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය) මෝටර් රථ දින දර්ශකයේ අවසන් අදියර ලෙස පැවැත්වෙන තරගාවලිය මේ වසරේ සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් තරගාවලිය ලෙසද සැලකේ.

මෙවර තරගාවලිය සඳහාද දිවයිනේ ප‍්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදි කරුවන් ඇතුළු තරගකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස මහජන බැංකුව කටයුතු කරන අතර සම අනුග‍්‍රාහකයන් ලෙස ලංකා බැංකුව සහ සියැට් ආයතනය කටයුතු කරයි.

036


අදහස් (0)

‘රොදර්හැම්’ මෝටර් රථ - යතුරුපැදි තරගාවලිය 13 වැනි දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.