Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘බී’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට

‘බී’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට

Nisanka Sandeepani - 2018 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් විය. 
 
කොළඹ ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති එම කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 57-50 ක තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශූරතාවට හිමිකම් කීවේය. 
 
පළමු අර්ධය අවසානයේ ලකුණු 26-22 ක් ලෙස පෙරමුණ ගැනීමට ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩකයෝ සමත් වුවත් දෙවැනි අර්ධයේදී ලකුණු 35 ක් රැස්කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 24 ක් පමණි. 
 
දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වෙමින් ලකුණු 17 ක් රැස්කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් කණ්ඩායමේ නයිජල් ජයමහ අවසන් මහ තරගයේ වීරයා බවට පත් විය. තරගාවලිය පුරා කැපීපෙනෙන දස්කම් දැක්වූ එම කණ්ඩායමේම ඇන්ඩි්‍ර ජයකොඩි ‘බී’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. 
 
‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය 
ශ්‍රී ලංකන් ගුවන් සමාගම් කණ්ඩායම විසින් ලකුණු 57-50 ක් ලෙස ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි. 
අවසන් තරගයේ වීරයා - නයිජල් ජයමහ (ශ්‍රී ලංකන් ගුවන් සමාගම - ලකුණු 17) 
තරගාවලියේ වීරයා - ඇන්ඩි්‍ර ජයකොඩි (ශ්‍රී ලංකන් ගුවන් සමාගම) 
 
-036 

අදහස් (0)

‘බී’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.