Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන අවසන් තරගය හෙට

‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන අවසන් තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) ක්‍රිකට් පුහුණු පාසල 13 වැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න් පහළ ආරාධිත ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සී.සී.සී. මෙරූන් පිල සහ එන්.සී.සී. රෙඞ් පිල අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී හෙට (24) පැවැත්වේ.

මෙහිදී සී.සී.සී. මෙරූන් පිලේ නායකයා ලෙස තවීෂ රණසිංහ ද, එන්.සී.සී. රෙඞ් පිලේ නායකයා ලෙස රවීන් ද සිල්වා ද, කටයුතු කරති.

සී.සී.සී. මෙරූන් පිල අවසන් පූර්ව තරගයේදී පානදුර ක්‍රිකට් පුහුණු පාසල කඩුලු 8 කින් පරාජය කළේය. එන්.සී.සී. රෙඞ් පිල අවසන් පූර්ව තරගයේදී ෆින්ගාරා ක්‍රිකට් පුහුණු පාසල ලකුණු 157 කින් පරාජය කිරීමට සමත් විය.

 


අදහස් (0)

‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.