‘ඒ’ කාණ්ඩයේ ශූරතාව කොමාර්ෂල් ක්‍රෙඩිට් පිලට
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ ශූරතාව දිනාගැනීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.
කොළඹ ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ෆෙයාර් ෆස්ට් කණ්ඩායමට එරෙහිව ලකුණු 72-65 ක තියුණු ජයක් වාර්තා කරමින් කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 33-31 ක් ලෙස පෙරමුණ ගැනීමට ෆෙයාර් ෆස්ට් ක්‍රීඩකයෝ සමත් වුවත් දෙවැනි අර්ධයේදී ලකුණු 41 ක් රැස්කළ කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ෆෙයාර් ෆස්ට් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 32 ක් පමණි.
දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වෙමින් ලකුණු 15 ක් රැස්කළ කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ආනෝල්ඞ් තේවකුමාර් අවසන් මහ තරගයේ වීරයා බවට පත් විය. තරගාවලිය පුරා කැපීපෙනෙන දස්කම් දැක්වූ එම කණ්ඩායමේම සමීර සෙනරත් ‘ඒ’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය
■ කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම විසින් ලකුණු 72-65 ක් ලෙස ෆෙයාර් ෆස්ට් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ආනෝල්ඞ් තේවකුමාර් (කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම - ලකුණු 15)
තරගාවලියේ වීරයා - සමීර සෙනරත් (කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම)
-036