Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ​ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි
71 වැනි රන් මහ සටන

​ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 71 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තරගයේ වැඩි ගෞරව දිනාගැනීමට සමත් වූහ.

දෙවැනි දිනය (15 වැනිදා) අවසානයේ තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කයක් හඹායමින් සිටි වේල්ස් කුමරුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටියහ. එහිදී ආරම්භක පිතිකරු ඔමේෂ් මෙන්ඩිස් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 15 ක් රැස්කළේය.

පළමු ඉනිමේදී ලද ලකුණු 81 ක වාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ කඩුලු 2 ක් දැවී ලකුණු 167 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා වේල්ස් කුමර විදුහලට දෙවැනි වරට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළහ. එහිදී පන්දු 114 කට මුහුණුදුන් ආරම්භක පිතිකරු යෂාන් අවිෂ්ක හතරේ පහර 5 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය.

බිහඟ මෙන්ඩිස් (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ යෂාන්, ඉන් නොනැවතී නායත සුඛිත ප්‍රසන්න (නොදැවී 52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට බිහඟගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්ව තිබූ අතර පන්දු 47 කදී ලබාගත් සුඛිත‍ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

තරගයේ පළමු දිනය (14 වැනිදා) නිමාවට පත්වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටි වේල්ස් කුමර විදුහලට දෙවැනි දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගතහැකි ව‍ූයේ ලකුණු 120 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ පසිඳු පැතුම් පන්දු 109 කින් ලකුණු 54 ක් රැස්කලේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

 

ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම -  ඕවර 68.5 කදී සියලූ දෙනා දැවී 254
(සසිඳු ප‍්‍රාර්ථන 19, බිහඟ මෙන්ඩිස් 19, යෂාන් අවිෂ්ක 30, සන්දේෂ් ප‍්‍රනාන්දු 66, සුඛිත ප‍්‍රසන්න 41, සෙනිත් ප‍්‍රනන්දු 31, කලන සංදීප් 21, සුමල්ක ප‍්‍රනාන්දු 39/5, අචල පෙරේරා 70/2)

වේල්ස් කුමර පළමු ඉනිම -  ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 173
(තරිඳු අමරසිංහ 16, සුමල්ක ප‍්‍රනාන්දු 23, ඔමේෂ් මෙන්ඩිස් 19, පසිඳු පැතුම් 54, විදත් දිරේන්ද්‍ර 19, කලන සංදීප් 30/4, සෙනිත් ප්‍රනාන්දු 27/2)

ශාන්ත සෙබස්තියන් දෙවැනි ඉනිම -  ඕවර 37 කදී කඩුලු 2 ක් දැවී 167
(යෂාන් අවිෂ්ක 67, බිහඟ මෙන්ඩිස් 42, සුඛිත ප්‍රසන්න නොදැවී 52)

වේල්ස් කුමර දෙවැනි ඉනිම -  ඕවර 5 කදී කිසිවකු නොදැවී 17  
(ඔමේෂ් මෙන්ඩිස් නොදැවී 15)  


අදහස් (0)

​ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.