Last Update  :  2026-03-19 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ​බලපිටියේ වීර සටන අද - හෙට
මහ ක්‍රිකට් තරග - 2026

​බලපිටියේ වීර සටන අද - හෙට

editorial - 2026 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත, ඇත්කඳුර ජනක් ද සිල්වා සහ  බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා)

බළපිටිය රේවත ජාතික පාසල සහ සිද්ධාර්ථ ජාතික පාසල අතර 37 වැනි මහා ක්‍රිකට් තරගය මේ මස 20 සහ 21 යන දිනවලදී බළපිටිය ගුරු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුදේශ් මල්සර මෙවර රේවත විද්‍යාලයේ නායකත්වය උසුලන අතර දිල්ශාන් මිහිරංග සිද්ධාර්ථ පිලේ නායකත්වය හොබවයි. මෙතෙක් පැවති තරගවලින් තරග 14 ක ජය රේවත විද්‍යාලය හිමිකර ගනිද්දී  2024 දී පැවති තරගයේ පමණක් ජයගැනීමට සිද්ධාර්ථ පිල සමත්විය. තරග 21 ක්ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ

මෙවර තරගාවලියේදී පූර්ණ තරග පහක් ජය ගැනීමට සිද්ධාර්ථ විද්‍යාලය සමත් වී ඇත. එහිදී මිසල් ගිම්හාන් වැඩිම ලකුණු ලබාගෙන තිබෙන අතර උදාර සම්පත් කඩුලු 76 ක් බිඳ හෙළා තිබේ‍ෙ

මේ දෙවිදුහලෙන්ම ශ්‍රී ලංකා  ජාතික ක්‍රිකට්  කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩකයකු  බැගින් බිහිකර ඇත. රේවත විද්‍යාලයෙන් පැමිණි සීක්කුගේ ප්‍රසන්න  ද,  සිද්ධාර්ථ විද්‍යාලයෙන් පැමිණි තිලාන් තුෂාර මිරැන්ඩෝ ද ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කළහ.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී රේවත විද්‍යාලය II වන කොටසින් ද සිද්ධාර්ථ විද්‍යාලය III වන කොටසින්ද තරග වදියි.

 

රේවත විද්‍යාලයීය කණ්ඩායම

සුදේශ් මල්සර (නායක), අමිෂ ද සිල්වා (උප නායක), කළණ මැන්දිස්, කවීෂ සන්දීප, දසුන් සත්සර, යසිරු නිම්සර, යතීෂ කවිෂ්, තරුෂ නිම්සර, ජැක් සාක්‍ය, දිළෙන දෙනුවන්, අනුජ අනුහස්, දිනුෂ සත්සර, මලිත් මල්ෂාන්, යෙනුත් මින්සර, යුමෙත් පෙරේරා, ඉමාෂ නිම්සර, ඉෂාත් මිහිනුල සහ රොෂාන් දිනුවර,

සමන්ත මැන්දිස් මහතා, (විදුහල්පති), ඉන්දික සම්පත් මහතා  (ක්‍රිකට් භාර ආචාර්ය), ජනක ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), අෂාන් ඉසුරංග සහ නුවන් බුද්ධික (සහය පුහුණුකරු)

 

සිද්ධාර්ථ විද්‍යාලයීය කණ්ඩායම

දිල්ෂාන් මිහිරංග (නායක), නිරෝෂ් නිම්සර (උප නායක), විසල් ගිම්හාන්, නදිජ නිම්සර, වතික සුපේෂල, තරිඳු සෙව්මිණ, දිලුත දුෂේන්, ලක්ෂාන් මිහිරංග, ප්‍රබෝෂ ස්වර්ණ, චමිඳුු ඉෂාක, උදාර සම්පත්, කවිඳු පෙරේරා, උෂාර අයෙෂාන්, ලක් පේශාන්, දිනුර නිසිත, සදෙව් තිළිණ, සනුක දින්සර, පසිඳු ලක්ෂාන්,

මහේෂා තාබ්‍රෙව් මහත්මිය (විදුහල්පතිනි), චානුක ධර්මසිරි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), දර්ශන කුමාර මහතා (පුහුණුකරු)


අදහස් (0)

​බලපිටියේ වීර සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.