Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළහිරු තඹවිට ලකුණු 1000 පසු කරයි

ළහිරු තඹවිට ලකුණු 1000 පසු කරයි

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ළහිරු කුෂාන් තඹවිට

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු කුෂාන් තඹවිට මෙවර තරගාවලියේ ලකුණු 1000 පසු කිරීමට අද (24) සමත් විය.

මොරටු මහ විදුහලට එරෙහිව මොරටුවේදී අද ආරම්භ වූ තරගයේදී ළහිරු ලකුණු 29 ක් රැස්කරමින් ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් විය.

ළහිරු මේ වන විට තරග 14 ක ඉනිම 20 කදී ලකුණු 1026 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ළහිරු ලකුණු 51.30 ක සාමාන්‍යයක් පවත්වා ඇති අතර එයට ශතක සහ අර්ධ ශතක 4 බැගින් ඇතුඝත්ව තිබේ.

දකුණත් පිතිකරු ළහිරු ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 137 මෙම තරග වාරයේ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ. ළහිරු, පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලකුණු 131 ක්, කළුතර මහ විදුහලට එරෙහිව ලකුණු 11 ක් සහ හොරණ තක්‍ෂිලා විදුහලට එරෙහිව ලකුණු 108 ක් රැස් කළේය.

සිරිකුරුස විදුහලේ කඩුලු රක්න්නා ද වන ළහිරු මෙම තරගවාරයේදී දවා ගැනීම් 33 කට ද දායක වී තිබේ.

 


අදහස් (0)

ළහිරු තඹවිට ලකුණු 1000 පසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.