Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ සම ශූරතාව දිනාගැනීමට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ‘බී’ කණ්ඩායම අද (30 වැනිදා) සමත්වූහ.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගයට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ‘බී’ කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකිවිම නිසා ශූරතාව දෙපිළටම පිරිනැමීමට තරග සංවිධායකයෝ තීරණය කළහ.
අවසන් පූර්ව වටයේදී ජාඇල ක්‍රිස්ට් කිංග් විදුහල පරාජයට පත් කරමින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයත්, යාපනය ස්කන්ධවෝදය මහා විද්‍යාලය පරාජයය පත්කරමින් කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ‘බී’ කණ්ඩායමත් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.