Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොඳ නම රඳවාගැනීමට අපහසු වෙලා

හොඳ නම රඳවාගැනීමට අපහසු වෙලා

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වෙළද හා වානිජ කටයුතු සම්බන්ධයෙන් වන කමිටුව විසින් මෙම කෙටුම්පත සම්පාදනය කරනු ලැබ ඇත්තේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රබලතම සාමාජිකයින් තිදෙනෙකු- වන ඉන්දියාව, එංගලන්තය මෙන්ම  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අනුදැනුම ඇතිවය.

කෙටුම්පතෙහි අන්තර්ගතය සළකා බලන විට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පාලන කටයුතු නිසි විනිවිදභාවයකින් නොකෙරෙන බවක් හා විවිධ මතිමතාන්තර අරභයා ගැටුම් ඇතිවන බවක්ද පෙනෙන්නට ඇත.

එහි නිර්මාතෘවරුන් වන, කි‍්‍රකට් ලෝකයේ බලවතුන් තිදෙනා යයි තමන් විසින්ම හඳුන්වාගනු ලබන ඉන්දියාව, එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව, මෙම කෙටුම්පත ආධාර කරගෙන, තමන්ගේ අවශ්‍යතා ඉස්මතු කර දක්වමින් ඒවා ආධාරයෙන් වානිජ්‍යමය වශයෙන් වාසි ලබා ගැනීමට දරන තැතක්ද පෙනේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය, ප‍්‍රධානියා, ප‍්‍රධාන විධායක නිළධාරියා සහ කළමණාකාරීත්වය, මෙම ලේඛණය පිළියෙල කිරීමේදී ඊට කිසිදු ආකාරයකින් දායකත්වය දී නොමැත. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වෙළද හා වානිජ කටයුතු කමිටුවේම කණ්ඩායමක් අතින් සම්පාදනය වී ඇතත් මෙවන් කෙටුම්පතක පැවැත්ම පවා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ඉහළ බළධරයින් දැන සිට නැත.

ඉහත කී කමිටුවේ ඇතැම් සාමාජිකයින් පවා ලේඛණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කර නොමැති සෙයක්ද පෙනෙන්නට තිබේ. මෙවන් කෙටුම්පතක් පිළියෙල කිරීම සම්බන්ධයෙන් සාකච්ඡ පැවැත්වී ඇතත් ඇතැම් සාමාජිකයින් එවන් සාකච්ඡුාවක් පැවැත්වෙන්නේද යන්නවත් දැන සිට නැත.

කමිටුවේ සියලූ සාමාජිකයින් 2014 ජනවාරි මස 9 වැනිදා ඩුබායිහිදී පැවැත්වුණු හමුවකට කැදවනු ලැබුණු අතර එහිදී මෙම ලේඛණය ඔවුන් හමුවේ තබන ලදි. එහෙත් ජනවාරි 9 වැනිදා පැවති මෙම රැස්වීම සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු කාරණා සළකා බැලීමේදී පෙනී යන්නේ එම රැස්වීමට සහභාගී වීමට පෙර, අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධානියා මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයද අදාළ කෙටුම්පත අන්තර්ගතව තිබූ කරුණු සම්බන්ධයෙන් ඒ වන තෙක් දැන සිට නොමැති බවයි.

තවද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධානියාටද මෙම රැස්වීමට සහභාගී වන්නැයි ‘ආරාධනා’ කෙරී ඇති අතර එසේ ආරාධනා කර ඇත්තේ ඉන්දියා කි‍්‍රකට් පාලක මණ්ඩලය, එංගලන්ත හා වේල්ස් කි‍්‍රකට් මණ්ඩලය සහ කි‍්‍රකට්  ඕස්ටේ‍්‍රලියා යන ආයතන තුන එක්වීමෙනි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේම එක් අංශයක් වන වෙළද හා වානිජ කටයුතු සම්බන්ධයෙන් වන කමිටුව විසින් සකස් කරන ලද කෙටුම්පතක් සම්බන්ධයෙන් කරනු ලබන සාකච්ඡවකට සහභාගී විමේ කිසිදු අවශ්‍යතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධානියාට නොමැති නමුත් තමන්ට ආරාධනා කළ නිසාවෙන් හෙතෙම ඊට සහභාගී වී ඇති බවක්ද පෙනෙන්නට ඇත.

එහෙත් එවන් ආරාධනාවක් ලැබී ඇත්තේ සභාපතිවරයාට පමණක් බව පෙනෙන්ට තිබුණු අතර වෙනත් කිසිදු සාමාජිකයකුට හෝ අධ්‍යක්ෂකවරයෙකුට එම රැස්වීමට සහභාගී වන්නැයි ආරාධනා කෙරී තිබුණේද නැත.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ විවිධ සාමාජික මණ්ඩල විසින් තම තමන්ගේ අවශ්‍යතා මුල් කරගනිමින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවලට මුල්තැන නොදී,  සමස්ථයක් වශයෙන් මුලූ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවම නියෝජනය වන අයුරින් කටයුතු කිරීම හා විවිධ මතිමතාන්තර මුල්කරගෙන ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය මත පැවරී ඇති වගකීමයි.


තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න

 


අදහස් (0)

හොඳ නම රඳවාගැනීමට අපහසු වෙලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.