කොග්ගල නිදහස් වෙළඳ කලාප ක‍්‍රීඩාංගණයේදී පැවති ‘විද්‍යාලෝක මෙරූන්ස් සත් සාමාජික හොකී තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.
පාසල් හොකී කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් ආරාධිත තරගාවලියක් ලෙස පැවති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ගෝල 2-0 ක් ලෙස මාතලේ විජය විදුහල පරාජය කරමින් ජෝෂප් වාස් විදුහල ශූරතාවට හිමිකම් කීවේය.
අවසන් පුර්ව වටයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහල පරාජය කරමින් ශාන්ත ජෝසප් වාස් විදුහලද මහනුවර ශ‍්‍රී සුමංගල විදුහල පරාජය කරමින් මාතලේ විජය විදුහලද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
මෙම තරගාවලියට සමගාමීව දකුණු පළාත් ආරාධිත කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් අන්තර් ක‍්‍රීඩා සමාජ තරගාවලියක්ද පැවැති අතර ආදි විද්‍යාලෝක හොකී සමාජය විසින් එහි ශුරතාව දිනාගන්නා ලදි. අවසන් මහ තරගයේදී ගෝල 4-1 ලෙස ආදි රිච්මන්ඞ් කණ්ඩායම පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් පූර්ව වටයේදී ගාල්ල ඇලෝසියස් ක‍්‍රිඩා සමාජය ගෝල 3-0 ක් ලෙස පරාජය කරමින් ආදි රිච්මන්ඞ් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ආදි විද්‍යාලෝක හොකී සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ගාල්ල පොලිස් හොකී කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පරාජය කරමිනි.
විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මේජර් ජෙනරාල් රෙනුක රොයෙල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් එම විද්‍යාලය සහ ආදි විද්‍යාලෝක හොකී ක‍්‍රීඩා සමාජය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.