Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොකී නිලවරණයට වාරණ නියෝගයක්

හොකී නිලවරණයට වාරණ නියෝගයක්

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(නාමල් පතිරගේ)

‘සූම්’ තාක්ෂණය ඔස්සේ මැයි 31 වැනිදා පැවැත්වීමට සුදානම් කර තිබුණු ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය කොළඹ දිසා අධිකරණයෙන් පැනවූ වාරණ නියෝගයක් හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ.

කෙසේ වුවත් එම වාරණ නියෝගය නිෂ්ප්‍රභ කර නිලවරණය පැවැත්වීමට විධාන කරන ලෙස ඉල්ලා තවත් නඩුවක් අධිකරණයේ පවරා තිබෙන අතර එය ලබන අඟහරුවාදා (8) සළකා බැලීමට නියමිතය. හොකී නිලවරණය සම්බන්ධයෙන් පැවරූ මෙම නඩු දෙකේ විශේෂත්වය වන්නේ පාර්ශ්වය දෙකකින් ඊට නාමයෝජනා බාරදී සිටින රාජ්‍ය සේවා හොකී සංගමයේ නිලධාරීන් විසින් එකිනෙකාට එරෙහිව එම නඩු දෙකම පවරා තිබීමය.

හොකී නිලවරණය (2021-23) කල්ගිය තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර මැයි 10 හා 19යන දිනවල දී එය පැවැත්වීමට ගත් උත්සාහයන් අසාර්ථක වූයේ රටතුළ සංචරණ සීමා පැනවීම හේතුවෙනි.

මෙවර නිලවරණයේදී සභාපතිධුරයට හිටපු සභාපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාත්, හිටපු උප සභාපතිවරුන් දෙදෙනකු වන නාමල් පුෂ්පකුමාර, ආර්. මහේෂ්වරන් හා රාජ්‍ය සේවා හොකී සංගමයේ ලේකම් දර්ශන විජේසිංහ යන මහත්වරු නාමයෝජනා බාරදී තිබේ.

උප සභාපති ධුරයටක තරග වදින රාජ්‍ය සේවා  හොකී සංගමයේ සභාපති මලිත් ලියනගේ මහතා කොළඹ දිසා අධිකරණයේදී සති දෙකකට බල පැවැත්වෙන පරිදි හොකී නිලවරණයට වාරණ නියෝගයක් ලබා ගත්තේ සිය සංගමයේ සාමාජිකත්ව දරන සභාපති අපේක්ෂක කමල් පුෂ්පකුමාර හා උප සභාපතිධුර අපේක්ෂක දර්ශන විජේසිංහ යන මහත්වරු රාජ්‍ය සේවා හොකී සංගමයේ අනුමැතියකින් තොරව නාමයෝජනා ඉදිරිපත් කර ඇතැයි විරෝධතාවයක් ගොනු කරමිනි.  කමල් පුෂ්පකුමාර මහතා මේ වනවිට රාජ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ධුරය දරන අතර එහි වත්මන්  ලේකම් වන්නේ දර්ශන විජේසිංහ මහතායි.

හොකී අනු සංගම් හා දිස්ත්‍රික් සංගම් 16ක් නිලවරණයට සුදුසුකම් ලබා තිබියදී හිටපු සභාපති පී. විශ්වනාදන් මහතා සභාපති අපේක්ෂක නාමල් පුෂ්පකුමාර මහතාට සහාය පළ කරමින්ද හිටපු ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා සභාපති අපේක්ෂක රෝහණ දිසානායක මහතාට සහාය  පළකරමින් ද මෙවර පාර්ශ්ව දෙකකට බෙදී නාමයෝජනා බාරදී සිටිති.

ප්‍රධාන ලේකම් ධුරයටද කමල් පුෂ්පකුමාර පාර්ශ්වයෙන් ආර්. මහේෂ්වරන් මහතා නාමයෝජනා බාරදී සිටින අතර  රෝහණ දිසානායක මහතාගේ පාර්ශ්වයේ ලේකම්ධුර අපේක්ෂකයා වන්නේ තිළිණ කරුණාරත්න මහතාය. හොකී නිලවරණය අවසන් වරට 2018 දී පවත්වා තිබේ.

පසුගිය වසර කිපය තුළදී හොකී සම්මේලනයේ පරිපාලන අර්බුද  රැසක් මතුව තිබුණද කොවිඩ් වසංගතයේ බලපෑමද නොතකා වැඩ සටහන් කීපයක්ම ක්‍රියාත්මක කිරීමට හිටපු පරිපාලනය සමත්වූ බව එහි හිටපු ලේකම් සුමිත් එදිරිසිංහ මහතා පවසයි.


අදහස් (0)

හොකී නිලවරණයට වාරණ නියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.