Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොං කොං පිල ශී‍්‍ර ලංකාව පරදවයි

හොං කොං පිල ශී‍්‍ර ලංකාව පරදවයි

ශනුක අරවින්ද - 2014 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං හිදී පැවැත්වෙන සිව්කොන් ආරාධිත දැල්පන්දු ශූරතාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකාව අද (20 වැනිදා) පැවැති පළමු තරගයෙන් මැලේසියාව හමුවේ ලකුණු 58-38 ක පරාජයක් ලැබීය. සත්කාරක හොංකොං දේශයට එරෙහිව ශ්‍රී ලංකාව හෙට සිය දෙවැනි තරගයට සහභාගි වීමට නියමිතය.

මැලේසියාවට එරෙහිව පැවැති තරගයේ විනිසුරු තිරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැඩි විරෝධය පළවී තිබෙන බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් දැඩි සීතලෙන් කී‍්‍රඩා කිරීමද පරාජයට හේතුවූ බව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ප‍්‍රකාශිකාවක් ‘ලංකාදීපයට’ පැවසුවාය.

මේ අතර ඊයේ තරගයේ විනිසුරු තීරණ වලට විරෝධය පළ කිරීමේදී තමන් පෙරමුණ ගන්නා බව හොං කොං නුවරට දැන් පැමිණ සිටින ආසියානු දැල් පන්දු සංගමයේ සභාපති ධුරයද දරණ ශ්‍රී ලංකා දැල් පන්දු සංගමයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියද ප‍්‍රකාශ කර තිබේ.
 


අදහස් (0)

හොං කොං පිල ශී‍්‍ර ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.