Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හේමසිරිගේ එස්.එම්.එස්. පණිවුඩය ගැන රංජනී ක්‍රීඩා ඇමතිට ලියයි

හේමසිරිගේ එස්.එම්.එස්. පණිවුඩය ගැන රංජනී ක්‍රීඩා ඇමතිට ලියයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ජංගම දුරකථන කෙටි පණිවිඩයක් (එස්.එම්.එස්) එවමින් තමාට තර්ජනය කළේයැයි කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පැමිණිලි කර තිබේ.

මෙම ප‍්‍රශ්නයේදී තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ලිපියක් යොමුකරමින් ඇය කී‍්‍රඩා ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ. ලිපියේ පිටපතක් කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාටද යොමුකර තිබේ.

මෙම චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන හේමසිරි ප‍්‍රනාන්දු මහතා තමා එස්.එම්.එස්. පණිවිඩයේ සටහන් කළ ඉංගී‍්‍රසි වචනවල තේරුම පිළිබඳව වැරදි වැටහීමකින් ඇය මෙම චෝදනාව නගා ඇතැයි පවසයි.

කෙසේවුවත් රංජනී ජයකොඩි මහත්මිය මේ සම්බන්ධයෙන් කුරුඳුවත් පොලීසියට පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. මේ පිළිබඳ ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ඇය පැවසුවේ හේමසිරි ප‍්‍රනාන්දු මහතා තමන්ට එවූ එස්. එම්.එස්. පණිවිඩය මගින් තමන්ට තර්ජනය කර තිබූ බවය.

”මේ නිසා මම ඒ ගැන කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කළා. කී‍්‍රඩා පනත ගැන උද්ගත වෙලා තිබෙන ප‍්‍රශ්නය ගැන අපි ජාතික ඔලිම්පික් කමිටුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක මෙහෙම දේවල් වෙන එක අනුමත කරන්න බෑ.” යයිද ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

ප‍්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවසුවේ මේ සම්ඩන්ධයෙන් ඊයේ වන තෙක් පොලීසියෙන් කරුණු විමසීමක් සිදු නොකළ බවය.


අදහස් (4)

හේමසිරිගේ එස්.එම්.එස්. පණිවුඩය ගැන රංජනී ක්‍රීඩා ඇමතිට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.