
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ අශෝක විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට හේනෙගම මැදි විදුහල සමත් විය.
එහිදී හේනගම මැදි විදුහලේ තරිඳු සඳරුවන් (නොදැවී 66) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විසදුහලේම සමිත් විජේනායක කඩුලු 7 ක්ද, ෂෙහාන් ලක්ෂාන් කඩුලු 6 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
අශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලු දෙනා දැවී 95
(කුසල් ගුණවර්ධණ 21, සමිත් විජේනායක 42/5, ෂෙහාන් ලක්ෂාන් 22/3)
හේනෙගම මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 83.5 කදී සියලු දෙනා දැවී 205
(තරිඳු සඳරුවන් නොදැවී 66, සමිත් විජේනායක 33, හසිඳු පෙරේරා 24, ෂෙහාන් ලක්ෂාන් 22, අශාන් මධුෂංක 21, රහල් චන්ද්‍රසේකර 53/6, ජනුල ඉඳුසර 43/3)
අශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 129
(පංචල සංදීප 58, ජනුල ඉඳුසර 21, ෂෙහාන් ලක්ෂාන් 41/3, හසිඳු පෙරේරා 13/2, සමිත් විජේනායක 46/2)
හේනෙගම මැදි දෙවැනි පළමු ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 22
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.