Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හුලංගමුව අභියෝග කුසලාන සා.තෝමස් විදුහලට

හුලංගමුව අභියෝග කුසලාන සා.තෝමස් විදුහලට

ශනුක අරවින්ද - 2018 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති සිවුවැනි ‘එරික් හුලංගමුව අභියෝග’ කුසලාන හොකී තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

කොළඹ කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ගෝල 1-0 ක් ලෙස ජයගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් වූ අතර තරගයේ 14 වැනි මිනිත්තුවේදී එම ජයග්‍රාහී ගෝලය වාර්තා කරනු ලැබුවේ රහල් රඹුක්පොත විසිනි.

ඉන් අනතුරව කණ්ඩායම් දෙකම ගෝල ලබාගැනීමට අසමත් වූ අතර දෙවැනි අර්ධයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහලට ගෝල ලබාගැනීමට තිබූ ආසන්නම අවස්ථා කිහිපයක්ම මඟහැරී ගිය අයුරු දැකගත හැකි විය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ දෙව්මිත් උඩගේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර පැවැති වයස 16 න් පහළ තරගයේ ජය ගෝල 2-0 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලටද, ආදි ශිෂ්‍ය තරගය ජය ගෝල 2-0 ක් ලෙස මාතලේ ශාන්ත තෝමස් විදුහලටද හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන අනුර තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම තරගාවලියට සහභාගි විය.

-036

 


අදහස් (0)

හුලංගමුව අභියෝග කුසලාන සා.තෝමස් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.