ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට හීරා ආෂික් සහ තන්වීර් ආෂික් සමත්වූහ. තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ විවෘත කාන්තා යුගල ශූරතාව දිනාගත්හ.
පිරිමි යුගල අවසන් මහා තරගයේදී තරග වට 3-0 ක් ලෙස සංඛ අතුකෝරාළ සහ නිෂාංගන් නඩරාජා පරාජය කරමින් ආෂික් සොහොයුරන් ශූරතාවට හිමිකම් කීහ.
පළමු අවසන් පූර්ව තරගයේදී චෙහාන් ප‍්‍රනාන්නදු සහ දිල්වර් හුසේන් පරාජය කරමින් සංඛ අතුකෝරාළ සහ නිෂාංගන් නඩරාජා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.
හීරා ආෂික් සහ තන්වීර් ආෂික් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රම පරාජය කරමිනි.
කාන්තා යුගල අවසන් මහා තරගයේදී තරග වට 2-1 ක් ලෙස අම්රිතා මුත්තයියා සහ නිලූෂී ප‍්‍රනාන්දු
පරාජය කරමින් තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ ශූරතාවට හිමිකම් කීහ.
පළමු අවසන් පූර්ව තරගයේදී හසිඳි ලොකුගේ සහ රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරමින් අම්රිතා මුත්තයියා සහ නිලූෂී ප‍්‍රනාන්දු අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.
තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී රුක්ෂානා ආබ්ඞීන් සහ ඕෂනී වික‍්‍රමසිංහ හමුවේ නිතරග ජයක් වාර්තා කරමිනි.
විවෘත පිරිමි යුගල අවසන් පූර්ව තරගය
විවෘත පිරිමි යුගල අවසන් පූර්ව තරග
විවෘත කාන්තා යුගල අවසන් පූර්ව තරගය
විවෘත කාන්තා යුගල අවසන් පූර්ව තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.