ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හීරා ආෂික් ඊයේ (21 වැනිදා) සමත්විය.
ඊයේ පැවැති අවසන් පූර්ව තරගයකදී ජාතික ශ්‍රේණිගත කිරීම් වල 2 වැනි ස්ථානයේ පසුවන සංඛ අතුකෝරාළ හමුවේ තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කරමින් ඔහු අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. මෙම තරගාවලිය ආරම්භ කරන විට හීරා ආෂික් ශ්‍රේණිගත කිරීම් වල 16 වැනි ස්ථානයේ පසුවිය.
මෙතෙක් තරගාවලියේ පෙරළිකාර කී‍්‍රඩකයා ලෙස හැදින්විය හැකි හීරා ආෂික්, පෙර අර්ධ අවසන් වටයේදී ශ්‍රේණිගත කිරීම් වල 3 වැනි ස්ථානයේ පසුවන නිශාංගන් නඩරාජාද, අර්ධ අවසන් වටයේදී ශ්‍රේණිගත කිරීම් වල 7 වැනි ස්ථානයේ පසුවන දෙල්වර් හුසේන්ද පරාජය කරමින් විවෘත කේවල ඉසව්වේ ඉදිරියට පැමිණියේය.
දිනේෂ්කාන්තන් තංගරාජා සහ තන්වීර් ආෂික් අතර පැවැති අනෙක් අවසන් පූර්ව තරගය වර්ෂාව ඇද හැළීම නිසා අතර මඟ නතර කිරීමට සිදුවිය. එම තරගය නතර කරන විට 2-1 ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා පෙරමුණේ පසුවිය.
ඒ අනුව අතර මඟ නතර කළ අවසන් පූර්ව තරගය නැවතත් අද (22 වැනිදා) පෙරවරු 8.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එම තරගය ජය ගන්නා කී‍්‍රඩකයා සහ හීරා ආෂික් අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (23 වැනිදා) පැවැත්වීමට නියමිතය.
විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.