Last Update  :  2026-01-28 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හිරුෂ ඉනිමකදී කඩුලු 10 ම දවාලයි

හිරුෂ ඉනිමකදී කඩුලු 10 ම දවාලයි

editorial - 2026 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ඉනිමක කඩුලු 10 ම දවාලීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ හිරුෂ ප්‍රේමරත්න සමත්විය.

ගොඩිගමුව එම්.බී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී හේනේගම මධ්‍ය මහා විද්‍යාලය විසින් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 50 ක ජයක් වාර්තා කරන ලදි.

පළමු වටයේ තරගයකදී හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ වමත් පා දඟ පන්දු යවන හිරුෂ ප්‍රේමරත්න ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාල දෙවැනි ඉනිමේදී ලකුණු 68කට කඩුලු 10 ම දවාලීය. හිරුෂ ප්‍රේමරත්න පළමු ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 6ක් දවාලමින් තරගයේදී කඩුලු 16 ක් දවාලීය.


හේනේගම මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 286 යි
(දෙසිඳු දින්සර 90, යෙනෙතු දෙනුවන් 33, මතීෂ නේමින්දර 29, හර්ෂිත ආකාශ් 26, ජනිත් දෙනුවන් 58/3, පසන් වෙනුසර 33/2, සඳුල් සිතුමිණ 48/2, ගගන ප්‍රභාෂ්වර 59/2)

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 102 යි 
(අයේන් සස්මිත 43, හිරුෂ ප්‍රේමරත්න 32/6, යෙනෙතු දෙනුවන් 13/2, දෙසිඳු දින්සර 27/2)

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - 134 
(හිරුෂ ප්‍රේමරත්න 68/10)

 


හිරුෂ ප්‍රේමරත්න


අදහස් (0)

හිරුෂ ඉනිමකදී කඩුලු 10 ම දවාලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.