වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සම්පත් බැංකු පිල පරදවා ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සමීර සොයිසා (51) සහ නවිඳු නිර්මාල් (නොදැවී 50) අර්ධ ශතක ලබාගත් අතර නවීන් ගුණවර්ධන සහ ළහිරු විමුක්ති කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.
හැටන් නැෂනල් බැංකුව - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(සමීර සොයිසා 51, නවිඳු නිර්මාල් නොදැවී 50, මින්හාජ් ජලීල් 36, තරිඳු කෞශාල් 36/4, ප්‍රභාත් ජයසූරිය 30/2)
සම්පත් බැංකුව - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 181
(අවිශ්ක ප්‍රනාන්දු 38, දුෂ්මන්ත චමීර 22, නවීන් ගුණවර්ධන 24/3, ළහිරු විමුක්ති 22/3, තිලංග උදේශාන් 64/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.