ජාතික ටෙනිස් ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ අවසන් මහ තරග වලදී ජය ලැබූ නාලක දිසානායක, අශේන් සිල්වා, අවින්ද්‍ර පෙරේරා, අංජලිකා කුරේරා, අනීකා සෙනෙවිරත්න සහ ජනාලි මනම්පේරි වයස් කාණ්ඩ ශුරතා දිනාගැනීමට සමත්වූහ.
එහිදී සවිත් වික‍්‍රමසිංහ පරාජය කරමින් වයස 14 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට අවින්ද්‍ර පෙරේරා සමත්වූ අතර අනීකා සෙනෙවිරත්න පරාජය කරමින් වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට ජනාලි මනම්පේරි සමත්වූවාය.
බාලක කේවල තරග ප‍්‍රතිඵල
වයස 10 පහළ
නාලක දිසානායක විසින් ලකුණු 9-7 ක් ලෙස අකිත් සේනාරත්න පරාජය කරන ලදි.
වයස 12 පහළ
අශේන් සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස නාලක දිසානායක පරාජය කරන ලදි. (6/0, 6/1)
වයස 14 පහළ
අවින්ද්‍ර පෙරේරා විසින් තරග වට 2-0 ක් ලෙස සවිත් වික‍්‍රමසිංහ පරාජය කරන ලදි. (7/6, 6/3)
බාලිකා කේවල තරග ප‍්‍රතිඵල
වයස 10 පහළ
අංජලිකා කුරේරා විසින් ලකුණු 9-0 ක් ලෙස තුවිනි ද අල්විස් පරාජය කරන ලදි.
වයස 12 පහළ
අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස නයාරා වීරවංශ පරාජය කරන ලදි. (6/1, 6/0)
වයස 14 පහළ
ජනාලි මනම්පේරි විසින් තරග වට 2-1 ක් ලෙස අනීකා සෙනෙවිරත්න පරාජය කරන ලදි. (3/6, 6/3, 7/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.