Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හමීඩ් අල් හුසෙයිනී - සහිරා අවසන් තරගයට

හමීඩ් අල් හුසෙයිනී - සහිරා අවසන් තරගයට

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස් )

ශ්‍රී ලංකා පාසල්  පාපන්දු සංගමය මෙහෙය වන " රිනවුන් සභාපති පාසල් පාපන්දු ශූරතාවය " සදහාවූ වයස අවුරුදු  18 න් පහළ A කාණ්ඩයේ  සමස්ත ලංකා අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ  අවසන් පූර්ව  තරගවලදී ජය ගෙන කොළඹ හමීඩ් අල් හුසෙයිනී සහ සහිරා යන විදුහල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත 

එම අවසන් පූර්ව තරඟ ජනවාරි මස 20 සෙනසුරාදා   පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පලමු  අවසන්  පූර්ව තරගයේදී  කොළඹ  හමීඩ් අල් හුසේයිනී විදුහල ගෝල 5 -2 කින් යාපනය ශාන්ත පැට්රික් විදුහල පරාජය කළේය.  එම තරඟයේදී හමීඩ් අල් හුසේයිනී විදුහල වෙනුවෙන් අර්හාම්  ගෝල දෙකක්,   හසන්, නෂීෆ් ගෝල  එක බැගින් සහ අතීක් දඬුවම් පහරකින් ලකුණු රැස් කරගත්හ. ශාන්ත පැට්රික් විදුහල වෙනුවෙන්  අභිරාම්  සහ ඉබ්‍රහිම් ගෝලයක්  බැගින් ලබා ගත්හ.

දෙවන අවසන් පූර්ව තරගයේදී කොළඹ සහිරා විදුහල ගෝල 1 - 0 ක තියුණු ජයක් අත් කර ගනිමින් කොළඹ  ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කළේය. සහිරා විදුහල වෙනුවෙන් එකම ගෝලය අසීස් විසින් ලබා ගන්නා ලදි. 


අදහස් (0)

හමීඩ් අල් හුසෙයිනී - සහිරා අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.