Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හඬ අධික නලා කි‍්‍රකට් පිටියට තහනම්

හඬ අධික නලා කි‍්‍රකට් පිටියට තහනම්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කි‍්‍රකට් තරග නැරඹීමට එන පේ‍්‍රක්ෂකයන් රැගෙන එන විවිධ ආකාරයේ ඝෝෂාකාරී නලා වර්ග මින් පසු කී‍්‍රඩාංගණ වලට ගෙන ඒම තහනම් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ‘පපරේ බෑන්ඞ්’ යනුවෙන් හැඳින්වෙන වාද්‍ය කණ්ඩායම් කී‍්‍රඩාංගණයට රැගෙන එන නලා මීට අයත් නොවන අතර තනි පුද්ගලයන් විසින් රැගෙන එනු ලබන අතේ ගෙනයා හැකි, අනිකුත් තරග නරඹන්නන්ට කරදරකාරී ශබ්ද ගෙන දෙන නලා පමණක් තහනම් කර තිබේ.
නරඹන්නන්ගේ සුවපහසුව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙම තීරණය ගනු ලැබ ඇත.

මෙම තහනම එළබෙන අඟහරුවාදා සිට කි‍්‍රයාත්මක වන බවත්, තරග නැරඹීමට පැමිණෙන සෑම පේ‍්‍රක්ෂකයකුම පෞද්ගලිකව පරීක්ෂාවට ලක්කර එවැනි නලා වර්ග රැුගෙන විත් තිබුණහොත් ඒවා ආරක්‍ෂක නිලධාරීන් බාරයට ගනු ලබන බවත් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.


- 021

 


අදහස් (0)

හඬ අධික නලා කි‍්‍රකට් පිටියට තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.