අවසන් මොහොතේදී ගත් දැඩි උත්සාහය සාර්ථක කර ගනිමින් දකුණු කොරියාවේ ”සෝල්” නුවරදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර පා පැදි කී‍්‍රඩා නේවාසික පුහුණු පාඨමාලාවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පාපැදි කී‍්‍රඩකයන් දෙදෙනා හා පාපැදි පුහුණුකරු පෙරේදා (28) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තිදෙනා කොරියාව බලා පිටත්ව ගියේ සති දෙකක ප්‍රමාදයකින් පසුවය.
මෙම 16 වැනිදා කොරියාවේදී ආරම්භ වූ දින 40 නේවාසික පා පැදි කී‍්‍රඩා පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා යොවුන් පා පැදි කී‍්‍රඩකයන් වන තරුෂ ගිම්හාන් ප්‍රනාන්දු සහ ප්‍රමෝද් රුක්ෂාන් පෙරේරා සෝල් නුවර බලා පිටත්ව ගියහ.
මෙම පුහුණු පාඨමාලාවට සමගාමීව අදියර 1 හා අදියර 11 ජාත්‍යන්තර පාපැදි පුහුණුකරු පාඨමාලා දෙකක් හැදෑරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවී සිටින පාපැදි පුහුණුකරු වන්නේ සුපුන් ශ්‍රී විරාජ් මහතාය.
මෙම කී‍්‍රඩකයන් දෙදෙනා කිරිබත්ගොට ද ෆ්‍රෙන්ඞ්ස් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයන් වන අතර එම කී‍්‍රඩා සමාජයේ සභාපති හා ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි කී‍්‍රඩා සමාජයේ සභාපති සුමිත් බාලසූරිය මහතා ”ලංකාදීප”ය කළ විමසුමකදී පැවැසුවේ දැඩි උත්සාහයකින් පසුව පෙරේදා දහවල් සංචාරක ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් දෙදෙනාම හා පුහුණුකරුට කොරියාවට ඇතුල්වීමේ වීසා ලබා ගැනිමට හැකියාව ලැබුණු බවයි. පෙරේදා එම අවස්ථාව මග හැරී ගියේ නම් මෙම කොරියානු පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකාවට අත්හැර දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව තිබූ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම අන්තර් ජාතික පා පැදි විනිසුරුවරයා වන එන්. කරුණාරත්න මහතා කොරියානු පාපැදි බලධාරින් සමඟ ඇති කරගෙන තිබෙන කිට්ටු සබඳතා මත මෙම වසරේදීත් ශ්‍රී ලංකාවට එහි සහභාගිත්වය හිමිව තිබේ.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ඇතැම් ප්‍රධානින් දැක්වූ බව කියන උදාසීන ප්‍රතිපත්තිය නිසා මෙසේ ශ්‍රී ලංකාවට දින ගණනාවක ප්‍රමාදයකින් පසුව ඊට සහභාගිවීමට සිදුවූ බවද පාපැදි කී‍්‍රඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නේවාසික පාපැදි පාඨමාලාවේ සියළු පහසුකම් නොමිලේ ලැබෙන තත්ත්වයක් තුළ පා පැදි සම්මේලනයේ ඇතැම් ප්‍රධානින්ගේ මෙම හැසිරීම පා පැදි කී‍්‍රඩා ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වූ බවද වාර්තාවේ. පාපැදි සම්මේලනයේ ප්‍රධානින්ගේ මෙම උදාසීන හැසිරීම තුළ පසුගිය අපේ‍්‍රල් 23 වැනිදා චීනයේ පැවැති ආරම්භ පා පැදි තරගය අත්හැර දැමීමටද ශ්‍රී ලංකාවට සිදුවිය.
ඒ සඳහා කී‍්‍රඩකයන් හය දෙනෙකු ශ්‍රී ලංකාවෙන් නම්කර තිබුණි. එම තරග සංචාරයේ සියළු පහසුකම් චීන තරග සංවිධායකයන් විසින් නොමිලේ ලබාදීමට කර තිබියදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන්ද චෝදනා ලැබුවේ පාපැදි සම්මේලනයේ ඇතැම් ප්‍රධානින්ය.
කොරියානු පාපැදි පුහුණු පාඨමාලාවට ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් හා පුහුණුකරු සහභාගි කිරීමේදී පාපැදි සම්මේලනයේ විධායක සභාවේ අනුමැතිය ලබාදීම පසුගිය අපේ‍්‍රල් 12 වැනිදා තෙක් කල් මැරූ බවත් ඊට හේතුවූයේද සම්මේලනයේ ප්‍රධානියකුගේ උදාසීන හැසිරීම නිසා බවටත් එහිදී චෝදනා එල්ල විය.
රටවල් ගණනාවක තරගකරුවන් සමග එකට කටයුතු කිරීමට හැකිවීමත් එකී කාලය තුළදී කොරියාවේ පැවැත්වෙන ඇතැම් පා පැදි තරග සඳහා සහභාගිවීමේ අවස්ථාව උදාවීමත් මෙම කොරියානු නේවාසික පුහුණු පාඨමාලාවට සහභාගිවන ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ට අවස්ථාව උදාවේ.
කොරියාවේ පැවැත්වෙන පා පැදි කී‍්‍රඩා නේවාසික පුහුණු පාඨමාලාවට සහභාගිවන කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඞ්ස් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයන් වන තරුෂ ගිම්හාන් ප්‍රනාන්දු, ප්‍රමෝද් රුක්ෂාන් හා පුහුණුකරු සුපුන් ශ්‍රී විරාජ් එම කී‍්‍රඩා සමාජයේ සභාපති සුමිත් බාලසූරිය මහතා සමග.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.