Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන් විදුහල ලකුණු 235 ක් ඉදිරියෙන්

සෙබස්තියන් විදුහල ලකුණු 235 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර මීගමුව, කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 6 වැනි ‘මුහුදු ළිහිණින්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත පීතර විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියේය.

ඒ අනුව ශාන්ත පීතර විදුහල කඩුලු 7 ක් අතැතිව ශාන්ත සෙබස්තියන් විදුහලට වඩා තවත් ලකුණු 235 ක් පසුපසින් සිටින දිනය නිමාවන විට උමේෂ් ලක්ෂාන් නොදැවී ලකුණු 31 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.
කාසියේ වාසිය දිනූ ශාන්ත පීතර විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් ලබාගත් අතර ෂෝන් පේෂල (82) සහ සමිත දිල්ෂාන් (80) එහිදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ දිනෙත් අප්සර ලකුණු 88 කට කඩුලු 6 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් පිතිකරුවන් පීඩනයට පත් කළ අතර ඔහුට අනගි සහායක් දුන් සනිදු මධුෂංක ලකුණු 68 කට කඩුලු 3 ක් දවාගත්තේය.


ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 67.4 කදී කඩුලු 9 ක් දැවී 282
(ෂොන් පේෂල 82, සමිත දිල්ෂාන් 80, ෂෙහාන් උදාර 36, දිනෙත් අප්සර 88/6, සනිදු මධුෂංක 68/3)

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 47
(උමේෂ් ලක්ෂාන් නොදැවී 31, අෂේන් චාරුක 3/2)

 


අදහස් (0)

සෙබස්තියන් විදුහල ලකුණු 235 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.