ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති 19 න් පහළ අන්තර් පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහල පරාජය කරමින් ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ එහි ශූරතාවට හිමිකම් කීහ.
සුපිරි ‘ඒ’ කාණ්ඩයේ තරග වලදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල තරග වට 3-1 ක් ලෙසත්, ඇලීතියා ජාත්‍යන්තර පාසල තරග වට 3-0 ක් ලෙසත් පරාජය කළ ශාන්ත සෙබස්තියන් විදුහල, අවසන් පූර්ව වටයේදී කොළඹ රාජකීය විදුහල තරග වට 3-1 ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
සචින් ඩයස් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර චි‍්‍රශාන් ධනුෂ්ක, ජෙහාන් ලූඩොවයික්, ශාන් පෙරේරා, ශෂේන් ධනංජය, රුවින් පෙරේරා සහ දේවින්ද රාජිත යන කී‍්‍රඩකයෝ ශාන්ත සෙබස්තියන් පිලට ඇතුළත් වූහ.
දුමින්ද නිරෝෂන් මහතා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.