Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුරතලුන්ගේ සටන ඕවර 7.3 කට සීමා වෙයි

සුරතලුන්ගේ සටන ඕවර 7.3 කට සීමා වෙයි

editorial - 2025 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පසුගියදා සෙනසුරාදා (17) පැවති මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර වූ 36 වැනි “සුරතලුන්ගේ සටන” වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ඕවර 7.3 කට පමණක් සීමා විය. 

කාසියේ වාසිය දිනාගත් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ඇරයුම පිළිගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාල පිල පළමුව පන්දුවට පහරදුන් අතර, ඕවර 7.3 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 31ක් රැස් කර සිටියදී ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දමනු ලැබීය. 
 

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය - ඕවර 7.3 කදී කඩුලු 1 ට ලකුණු  31 යි
(පුබුදු තාරක නොදැවී 16, පියුමක කරුණාරත්න 13/1)


අදහස් (0)

සුරතලුන්ගේ සටන ඕවර 7.3 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.