Last Update  :  2026-03-19 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපිරි 8 වටයේ තරග 4 ක් හෙට ඇරඹේ
අන්තර් සමාජ පළමු පෙළ

සුපිරි 8 වටයේ තරග 4 ක් හෙට ඇරඹේ

editorial - 2026 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තෙවැනි සතියේ තරග 4 ක් කොළඹදී සහ පල්ලෙකැලේදී හෙට (20 වැනිදා) ආරම්භ වනු ඇත. 

එහිදී පොලිසියට එරෙහිව මූවර්ස් ක්‍රීඩා සමාජය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, සී.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත් තරග වැදීමට නියමිතය. 

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව බී.ආර්.සී. ක්‍රීඩා සමාජය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව එන්.සී.සී. ක්‍රීඩා සමාජය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් තරග බිමට පිවිසෙනු ඇත. 

සුපිරි 8 දෙනාගේ වටයේ සති 2 ක් අවසානයේ මුවර්ස් කණ්ඩායම (52.185) තරග 2 ක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර කෝල්ට්ස් කණ්ඩායම (49.465) එක් තරගයක් ජයගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

 


අදහස් (0)

සුපිරි 8 වටයේ තරග 4 ක් හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.