Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපිරි තරු 4 ක් ඩුබායිහිදී සුදුසුකම් සොයති

සුපිරි තරු 4 ක් ඩුබායිහිදී සුදුසුකම් සොයති

editorial - 2024 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

එක්සත්  අරාබි එමීර්  රාජ්‍යයේ ඩුබායි නුවරදී  අද (3) අද පැවැත්වෙන ඩුබායි ගෝන් ප්‍රී මලල ක්‍රීඩා  තරගාවලියේදී  ශ්‍රී  ලංකාවේ සුපිරි  මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් තරග වදිති. ඔවුන්ගේ  උත්සාහය වන්නේ ජුලි  මාසයේදී ආරම්භ  වන පැරිස්  ඔලිම්පික්  උළෙල  සදහා  ශ්‍රී  ල‍‍ංකාව නියෝජනය කිරීමේ සුදුසුකම් ලබා ගැනීමය.

ඉතාලියේ වෙසෙන  සුපිරි කෙටි ධාවන ශූර, පොදු  රාජ්‍ය මණ්ඩලීය  පදක්කම්ලාභී යුපුන් අබේකෝන් ද මේ අතර  වේ. ඔහු මේ වන විටත් ඔහුගේ ඉතාලි පුහුණුකරු  භෞත චිකිත්සකවරයා සමග ඩුබායි නුවරට ළගාවී සිටින බව මලල ක්‍රීඩා  ආයතනය  පවසයි.

මිටර්  100 (පිරිමි )ඉසව්වේ  ඔහුගේ මෙතෙක්  හොඳම  දක්ෂතාවය  වන්නේ තත්පර  9.96 (2022)ක් වුවත් අවසන්  වරට ඔහු (2023 මැයි 24)  මෙම  ඉසව්වේදී පෙන්වා ඇත්තේ තත්පර 10.04 කි.

ඩුබායි ගෝන් ප්‍රී තරගාවලියේදී  ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  අද (3) තරග වදින ආකාරය (ශ්‍රී  ලංකා වේලාවෙන්)
මිටර් 400 (කාන්තා) -:  රාත්‍රී 7.15 - නදීෂා රාමනායක  
මිටර් 100 (පිරිමි) -: රාත්‍රී 7.50 - යුපුන්  අබේකෝන් 
මිටර් 800(කාන්තා) -: තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න.


අදහස් (0)

සුපිරි තරු 4 ක් ඩුබායිහිදී සුදුසුකම් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.