Last Update  :  2026-03-09 21:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.සී.සී. කණ්ඩායම පරාජයෙන් ගැළවෙයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

සී.සී.සී. කණ්ඩායම පරාජයෙන් ගැළවෙයි

editorial - 2026 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 363 ක ඉලක්කයක් හඹායමින් සිටි සී.සී.සී. කණ්ඩායම තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියේය. එහිදී වේගවත් පිතිහරඹයත නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 43 කින් ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

එහිදී එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට අහන් වික්‍රමසිංහ (102) සමත් වූ අතර එම කණ්ඩායමේම ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉනිම් දෙකේදීම (58 සහ 54) අර්ධ ශතක ලබාගත්තේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ කමිල් මිෂාර ලකුණු 90 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේය.  


එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී  274  
(නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, අෂීන් ඩැනියෙල් 17, චාමික ගුණසේකර 26, දුවිඳු රණතුංග 44/3, සොනාල් දිනූෂ 49/2, නිෂාන් පීරිස් 45/2)
 
සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 262 
(ලසිත් කෲස්පුල්ලේ 28, ධනංජය ද සිල්වා 36, පවන් රත්නායක 24, සොනාල් දිනූෂ 86, දුවිඳු රණතුංග 29, සහන් ආරච්චිගේ 07/2, චාමික ගුණසේකර 46/2, ශක්ති උදාර 66/2) 

එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 350 
(නිරෝෂන් දික්වැල්ල 54, ළහිරු උදාර 45, කමිල් මිෂාර 90, අහන් වික්‍රමසිංහ 38, කවින් බණ්ඩාර නොදැවී 26, චාමික කරුණාරත්න නොදැවී 20, නිෂාන් පීරිස් 100/3) 

සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 124  
(ලසිත් කෲස්පුල්ලේ 27, කමිඳු මෙන්ඩිස් 62, ශක්ති උදාර 46/2) 


අදහස් (0)

සී.සී.සී. කණ්ඩායම පරාජයෙන් ගැළවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.