Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.එච්. පිලට 26-25 ක තියුණු ජයක්

සී.එච්. පිලට 26-25 ක තියුණු ජයක්

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අද (09) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. ක්‍රීඩකයෝ ලකුණු 26-25 කින් නාවික හමුදා පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙය සී. එච්. පිල මෙවර තරගාවලියේ තරග 10 කදී ලැබූ දෙවැනි ජයයි.

නාවික හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 - 6 ක් ලෙස පෙරමුණේ පසුවුවද සී. එච් පිලට දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 10 තුළ ලැබුණු දඩුවම් පහර ජයග්‍රහණයට පාර කැපීය.   

නාවික හමුදා පිලේ ඉසුරු කෝන්ගහවත්ත හයවැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. සචින්ක අබේසේකර 18 වැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලට පළමු උත්සාහක දිනුම එකතු කළේය. ඉසුරු කෝන්ගහවත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 10-0 ක් බවට පත්විය.

නාවික හමුදා පිලට 33 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර කෝන්ගහවත්ත සාර්ථක කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පෙරළුණි.

හිරුෂ සම්පත් 37 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් සී. එච්. පිල ඉදිරියෙන් පැවැති බිංදුව මකා දැමීය. ඉන් මිනිත්තු තුනකට පසුව එනම් පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී හිරුෂ සම්පත් දඩුවම් පහරකින් සී. එච්. පිලට තවත් ලකුණු තුනක් එකතු කිරීමට සමත් විය. ඒ අනුව ලකුණු පුවරුව 13-6 ක් බවට පත්විය.

අදීෂ වීරතුංග දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී නාවික හමුදා පිල ඉදිරියෙන් දෙවැනි උත්සාහක දිනුම සටහන් කළේය. ඒත් සමඟම ලකුණු තත්ත්වය 18-6 ක් බවට පත්විය.

සී. එච්. පිල 54 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු හතක් තුළ ගෝල දෙකකින් ලකුණු 14 ක් රැස්කරමින් ලකුණු 20-18 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය. එහිදී ප්‍රසාද් මධුසංඛ සහ මතීෂ සරත්චන්ද්‍ර උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර හිරුෂ සම්පත් ගෝල ප්‍රවර්ථන සාර්ථක කළේය.

සී. එස්. පිලට 69 වැනි මිනිත්තුවේ සිට 72 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු තුනක් තුළ දඩුවම් පහර දෙකක් හිරුෂ සම්පත් සාර්ථක කිරීමෙන් ලකුණු 26-18 ක් ලෙස සී. එච්. පිල තව දුරටත් ශක්තිමත් විය.

ස්ටෙෆාන් ග්‍රෙගරි 77 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 26-25 ක් බවට පත්විය.

- 048


අදහස් (0)

සී.එච්. පිලට 26-25 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.