Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පිලට නවවැනි ජය

සී. ආර්. පිලට නවවැනි ජය

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගයකදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල විසින් ලකුණු 31-22 කින් යුද හමුදා පිල පරාජය කරන ලදි. දෙවැනි වටයේ තරගයක් වූ මෙම තරගය වැලිසර නාවික හමුදා රග්බි පිටියේදී අද (16) පස්වරුවේ පැවැත්විණ. 

මෙම ජයග්‍රහණය, සී. ආර්. පිල මෙවර තරගාවලියේ තරග 11 යේදී ලැබූ නවවැනි ජයග්‍රහණය වේ. මෙම ජයග්‍රහණයත් සමඟ සී. ආර්. පිලට තව දුරටත් දෙවැනි ස්ථානය රැකගැනීමේ අවස්ථාව උදාවිය. සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-5 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. 

මුර්ෂිඞ් සුබයිර් සිවුවැනි මිනිත්තුවේදී සාර්ථක කළ උත්සාහක දිනුමත් සමඟ සී. ආර්. පිල ලකුණු 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. මිලාන් සුරංග 15 වැනි මිනිත්තුවේදී යුද හමුදා ගෝල සීමාවට කඩා වදිමින් සී. ආර්. පිලට පළමු උත්සාහක දිනුම එකතු කිරීමට සමත් විය. මුර්ෂිඞ් සුබයිර් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 10-0 ක් බවට පත්විය.   

මුර්ෂිඞ් සුබයිර් 27 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කරමින් ඔහු විසින්ම එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලදී. ඒ අනුව ලකුණු පුවරුව 17-0 ක් බවට පෙරළුණි. 

ඉසුරු මැදගෙදර 33 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. ඒ අනුව  ලකුණු පුවරුව 17-5 ක් බවට පත්විය. ජනිඳු ඩිල්ෂාන් 36 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු තත්ත්වය 22-5 ක් බවට පරිවර්ථනය විය. 

දෙවැනි අර්ධයේ හත්වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශරෝ ප්‍රනාන්දු රතු කාඞ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත්වීමෙන් එතැන් සිට සී. ආර්. පිලට මිනිත්තු 33 ක් ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය. අනතුරුදායක ලෙස ක්‍රීඩා කිරීම ශරෝf රතු කාඞ්පත් අවවාද ලැබීමට හේතුව බවට පත්විය. 

මෙම තරගාවලියේ මීට පෙර තරගවලදී කහ කාඞ්පත් අවවාද තුනක් ලැබීම හේතුවෙන් ශරෝට පසුගිය සතියේ සතියේ තරග තහනම් කිරීමට ද රග්බි විනය කමිටුව පියවර ගෙන තිබිණ. 

යුද හමුදා පිලට 52 වැනි සහ 62 වැනි මිනිත්තුවලදී අෂාන් බණ්ඩාර සහ ළහිරු රත්නායක එකතු කළ උත්සාහක දිනුම් දෙකෙන් ලකුණු පුවරුව 22-15 ක් බවට පත්විය. රීසා මුබාරක් 67 වැනි මිනිත්තුවේ සිට 76 වැනි මිනිත්තු දක්වා කාලය තුළ දඩුවම් පහර තුනකින් ලකුණු 9 ක් රැස්කරමින් සී. ආර්. ලකුණු සංඛ්‍යාව 31 ක් බවට පත්කළේය.

එහෙත් සුදාරක දික්කුඹුර 75 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම සචින් ගමගේ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගියේය.  

 


අදහස් (0)

සී. ආර්. පිලට නවවැනි ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.