Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සටහන සහ ඡායාරූප - කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
බස්නාහිර සහ දකුණු පළාත් වල ප්‍රකට පාසැල් දෙකක් වන කළුතර සිරිකුරුස විදුහල හා ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර ප්‍රථම වරට සංවිධානය කෙරෙන ‘සිහින සංග්‍රාමය‘ මහ ක්‍රිකට් තරඟය මේ මස 30 හා 31 යන දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ .
පාසැල් දෙකටම මහ ක්‍රිකට් තරඟයක් නොතිබීමේ අඩුපාඩුව මකාලමින් මෙම ක්‍රිකට් තරඟය සංවිධානය කර ඇති අතර වාර්ෂිකව මෙම තරඟය පවත්වාගෙන යාමට ගිවිස ගෙන ඇත.
සනුක චෙරාන් කළුතර සිරිකුරුස විදුහල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර උප නායකයා ලෙසින් චාර්මෝද් ප්‍රසන්න කටයුතු කරයි.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායමට කවිඳු අමරසිංහ නායකත්වය දෙන අතර එහි උප නායකයා ලෙස ඕෂධ දේවින්ද කටයුතු කරයි.
කළුතර සිරිකුරුස විදුහල් කණ්ඩායම
(ඉදිරි පෙළ හිඳගෙන වමේ සිට දකුණට )
කවිඳු නුවන් මහතා (සහය පුහුණුකරු), සරත් ජයවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු), සනුක චෙරාන් (නායක ), ගරු ප්‍රසාද් නිරන්ජන් ප්‍රනාන්දු පියතුමා (විදුහල්පති), ගරු මිලාන් බර්නාඩ් පියතුමා (නියෝජ්‍ය විදුහල්පති), චාර්මෝද් ප්‍රසන්න (උප නායක), දිමුතු ප්‍රනාන්දු මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
(පසු පෙළ හිටගෙන වමේ සිට දකුණට )
මෙවිඳු පැහැසර, යසින් තරුක්ෂ, සබෝධ දෙව්තිළිණ , මතීෂ මෙත්සර , සිත්රු චමත්ක , ආකාෂ් ගමගේ, හංසක ඉඳුරංග, රුසින් ජයවර්ධන, අනුහස් සීමන්, ෆිරනාස් ජයමන්, ස්ටීව් රොෂේන්, හිමරු දේශාන්, විහඟ ඕෂධ සහ විහඟ නෙත් රු.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම
(ඉදිරි පෙළ හිඳගෙන වමේ සිට දකුණට )
එස්. එච්. අයි. ධනුෂ්ක මහතා (ක්‍රිකට් භාර ආචාර්‍ය ), ඕෂධ දේවින්ද (උප නායක ) , එස්. පී. නාගහවත්ත මහතා (නියෝජ්‍ය විදුහල්පති) , ඒ.ජේ.පුබුදු සම්පත් මහතා (විදුහල්පති) ,කවිඳු අමරසිංහ (නායක) ,ගයාන් කුමාර මහතා (ක්‍රීඩා භාර ආචාර්‍ය ), කවිඳු සුදර්ෂණ (ප්‍රධාන පුහුණුකරු )
(පසු පෙළ හිටගෙන වමේ සිට දකුණට )
සසිඳු රංදීප , ජෙනිත් ආකේෂ් , තිනුක ගීනෙත් , දුල්සන් නිම්විරු , කවිඳු එදිරිසිංහ , ප්‍රභාෂ් නිර්වාන් , සෙවින දුල්මාල් , එමල්ස්න පබසර , විනෝද් ධනුෂ්ක , දෙනෙත් දෙව්මින්ද , නවිඳු ප්‍රමෝද් සහ සසිඳු මදුසර.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.