Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිව්වැනි වරටත් පාපන්දු නිලවරණය කල්යයි

සිව්වැනි වරටත් පාපන්දු නිලවරණය කල්යයි

editorial - 2021 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

සංචරණ සීමා ජුනි 14 වැනිදා දකවා දීර්ඝ කිරීමත් සමග ලබන සඳුදා (7) ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීම සූදානම් කර තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය  දින නියමයක් නොමැතිව කල් දැමීමට නිලවරණ කමිටුව තීරණය කර තිබේ.

පාපන්දු සම්මේලනයේ නිලවරණය පිට පිටම කල් දමනු ලැබූ සිව් වැනි අවස්ථාව මෙයයි. මීට පෙර මැයි 30, ජුනි 1 හා ජුනි 7 යන දිනවල දී පාපන්දු නිලවරණය පැවැත්වීමට දැරූ උත්සාහයන් තුනක් අසාර්ථක වූයේ කොවිඩ් උවදුර හමුවේ දිගින් දිගටම රට තුළ සංචරණ සීමා පැනවීම හේතුවෙනි.

පසුගිය දිනවල දී ජාතික ක්‍රීඩා සංගම් කීපයක නිලවරණය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ නමුදු පාපන්දු නිලවරණය රහස් ඡන්දයක් ඔස්සේ සිදු කෙරෙන බැවින් එම ක්‍රමයට එය පැවැත්වීම දුෂ්කර වී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජස්ටර් උමාර් හා එහි වෛද්‍ය කමිටුවේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරු මෙවර ප්‍රධාන පාර්ශ්ව දෙකකින් සභාපති ධුරයට තරග වදිති.  ඒ අතර ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයෙන් උප සභාපති ධුරයකට තරග වදින හිටපු සභාපතිවරයකු ද වන රංජිත් රුද්‍රිගු මහතා ද මෙවර නිලවරණයේදී සභාපති ධුරයට ඡායා අපේක්ෂකයකු ලෙස නාම යෝජනා බාරදී තිබේ.

 


අදහස් (0)

සිව්වැනි වරටත් පාපන්දු නිලවරණය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.